පින්නදූව ගොඩගම අධිවේගය අද විවෘතවේ

අනුර බාලසූරිය

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදුව සිට මාතර ගොඩගම දක්‌වා කොටස අද (15 දා) පස්‌වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ.

ගාල්ල පින්නදූව සිට ගොඩගම දක්‌වා දුර කිලෝමීටර් 30 කි. මෙම මාර්ගය සඳහා රුපියල් බිලියන 18.7 ක මුදලක්‌ වැය වූ බව මහා මාර්ග, වරාය හා නාවික ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා පැවසීය.

මෙම කොටස අද ජනතා අයිතියට පත්වීමත් සමග අද සිට දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිටම වාහන ධාවනයට ඉඩ සැලසේ.

ගාල්ල, පින්නදූව සිට මාතර දක්‌වා අන්තර් හුවමාරු මධ්‍යස්‌ථාන තුනකින් සමන්විත වන අතර එම මධ්‍යස්‌ථාන ඉමදූව, කොක්‌මාදූව හා ගොඩගම පිහිටා ඇත.

දක්‌ෂිණ අධිවේගී මාර්ගය මාතර ගොඩගම සිට කොට්‌ටාව දක්‌වා කිලෝමීටර් 126.25 දුර පැයයි විනාඩි විස්‌සකින් ගමන් කිරීමට හැකි වේ.

මාතර ගොඩම සිට කඩුවෙල දක්‌වා පැය එකහමාරක්‌ වැනි කෙටි කාලයකින් ළඟාවිය හැකිය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.