ජර්මන් කතට අතවර කිරීමට තැත්කළ කොස්‌තාපල්ලා දැලේ

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක සහ මොණරාගල විශේෂ සේපාල මහානාම

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ජර්මන් ජාතික කාන්තාවකට ඇල්ල ප්‍රදේශයේදී ලිංගික අතවර කිරීමට තැත් කළ පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනකු පෙරේදා (13) ඇල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල සහ සියඹලාණ්‌ඩුව පොලිස්‌ ස්‌ථානවල සේවය කරන කොස්‌තාපල්වරුන් දෙදෙනෙකි. ඔවුන් නිවාඩු පිට සිටියදී සිද්ධිය වී ඇත.

සියඹලාණ්‌ඩුව පොලිසියේ සේවය කරන පොලිස්‌ කොස්‌තාපල්වරයා තම මිතුරෙකු වූ ඇල්ල පොලිසියේ සේවය කරන පොලිස්‌ කොස්‌තාපල්වරයා හමුවීමට පැමිණ ඇත. අනතුරුව දෙදෙනා විසින් ජර්මන් ජාතික කාන්තාව මාර්ගයේ තනිවම ගමන් කරමින් සිටියදී අතවර කිරීමට තැත්කර ඇති බව ඇය විසින් කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. සියඹලාණ්‌ඩුව පොලිසියේ සේවය කරන සැකකරු මීට පෙරද වැඩ තහනමට ලක්‌ව සිටි අයෙකි. සැකකරුවන් දෙදෙනා ඊයේ (14 දා) බදුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ඇල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.