ශ්‍රී ලංකාව හිර කරන්න බ්‍රිතාන්‍යය උගුල් අදියි

සුජීව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට

ජිනීවා නුවර දැන් පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍ර්‍රබල යෝජනාවක්‌ සම්මත කර ගැනීමට බ්‍රිතාන්‍ය රජය උත්සාහ ගන්නා බව බ්‍රිතාන්‍ය විදේශ ඇමැති විලියම් හේග් පසුගිය බ්‍රහස්‌පතින්දා (මාර්තු 13) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ලියවිල්ලක්‌ ඉදිරිපත් කරමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නිමාවූ යුද්ධයේදී දෙපාර්ශ්වයම මගින් කඩ වූ ජාත්‍යන්තර මානුෂික අයිතිවාසිකම් සහ නීතිය පිළිබඳව සොයා බැලීම සඳහා විශ්වාසනීය යාන්ත්‍රණයක්‌ ශ්‍රී ලංකාවෙන්ම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවේ පැවැති පසුගිය පොදුරාජ්‍ය මණ්‌ඩලීය සමුළුවේදී බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඉල්ලා සිටියත් මෙතෙක්‌ එය සිදුවී නොමැති බව හේග් මහතා තම ලියවිල්ලෙන් කියා තිබිණි.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට ජාත්‍යන්තරයට සිදුවී ඇති බව ඔහු පවසයි. ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය පිළිබඳව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ඉල්ලා පසුගිය මාර්තු 3 වැනිදා මහාබ්‍රිතාන්‍ය, ඇමරිකාව, මොන්ටිනේග්‍රෝ, මුරිසිය සහ මැසිඩෝනියාව යන රටවල් එකතුව යෝජනාවක්‌ ඉදිරිපත් කළ බවත්, මානව හිමිකම් සැසිවාරය අවසන්වීමට පෙර එය සම්මත කර ගැනීම බ්‍රිතාන්‍ය රජයේ බලාපොරොත්තුව බවත් හේග් මහතා සඳහන් කරයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.