ලෝක ආහාර වැඩසටහනට ශ්‍රී ලංකාවෙන් සහල් මෙටි්‍රක්‌ ටොන් 50000ක්‌

අනුර බාලසූරිය

ශ්‍රී ලංකා රජය විසින් ලෝක ආහාර වැඩසටහන වෙත සහල් මෙටි්‍රක්‌ ටොන් පනස්‌දහසක්‌ භාරදීම සංකේතවත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලෝක ආහාර වැඩසටහනේ නේවාසික අධ්‍යක්‍ෂ ස්‌මයිල් ඕමර් මහතාට භාරදුන් අයුරු.

ශ්‍රී ලංකා රජය විසින් ලෝක ආහාර වැඩසටහනට සහල් මෙටි්‍රක්‌ ටොන් පනස්‌දහසක්‌ ඊයේ (14 දා) පරිත්‍යාග කරන ලදී.

පරිත්‍යාග කරන ලද සහල් තොගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලෝක ආහාර වැඩසටහනේ මෙරට නේවාසික අධ්‍යක්‍ෂ ස්‌මයිල් ඕමර් මහතා වෙත භාරදීම ඊයේ (14 දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.

ලෝක ආහාර වැඩසටහන වෙත ප්‍රදානය කෙරෙන මෙම සහල් තොගයෙන් මෙටි්‍රක්‌ ටොන් දසදහසක්‌ දේශීය වැඩසටහන යටතේ මෙරට බෙදාහැරෙන අතර ඉතිරි මෙටි්‍රක්‌ ටොන් හතළිස්‌දහස ලෝක ආහාර වැඩසටහනට අයත් අනෙක්‌ සාමාජික රටවල් වෙත ලබාදීමට නියමිතය. මේ සඳහා රජය රුපියල් මිලියන 3000 කට අධික පිරිවැයක්‌ දරනු ඇත.

පසුගිය 2005 වසරේ සිට අඛණ්‌ඩව වසර 9 ක්‌ ගොවිජනතාවට පොහොර සහනාධාරය ලබාදී වී නිෂ්පාදනයට සහතික මිලක්‌ ලබාදීම පුරන් කුඹුරු නැවත අස්‌වැද්දීම සහනදායී පොලී ක්‍රමයකට වගා ණය ලබාදීම වැනි රජයේ ක්‍රියාමාර්ග තුළින් 2013 වසර වන විට වී නිෂ්පාදනය ඉහළ ගොස්‌ මෙටි්‍රක්‌ ටොන් මිලියන 4.6 ක වාර්තාගත ඉහළම වාර්ෂික නිෂ්පාදනය ලබාගැනීමට සමත් විය.

ලෝක ආහාර වැඩසටහන යටතේ ප්‍රතිලාභියකු ලෙස සිටි ශ්‍රී ලංකාව සහලින් ස්‌වයංපෝෂිත වීමත් සමග එම වැඩසටහනට ශ්‍රී ලංකාවෙන් සහල් පරිත්‍යාග කිරීමට හැකිවීම සුවිශේෂී කරුණකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.