යාපනයේ ගිය බසය ගිනි ගනී

දිනසේන රතුගමගේ

කොළඹ සිට යාපනය දක්‌වා ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී බස්‌ රථයක්‌ 13 දා අලුයම 3 ට පමණ ඒ 9 මාර්ගයේ කනගරායන්කුම් කරිච්චට්‌ටන් ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී ඇත.

මෙම බස්‌ රථය ගින්නට හසුවන අවස්‌ථාවේදී එහි මගීන් 46 දෙනකු සිටි බවත් ඔවුන් බසයෙන් බිමට පැන දිවි ගලවා ගෙන ඇති බවත් කනගරායන්කුලම පොලිසිය පවසයි.

මගීන් සතු ගමන්මලු රැසක්‌ ගින්නට හසුවී තිබේ. බස්‌ රථයේ ඇතිවූ යාන්ත්‍රික දෝෂයක්‌ හේතුවෙන් ගින්න ඇතිවී තිබේ. ගින්නෙන් සිදුවූ පාඩුව ලක්‍ෂ 86 ක්‌ පමණ වෙන බවද පොලිසිය පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.