"බිග් මැච්" දිනයේ නීති නොතකා වාහන පැදවූ 50 ක්‌ පොලිස්‌ භාරයට

සිරිල් විමලසුරේන්ද්‍ර

මහනුවර ත්‍රිත්ව, සාන්ත අන්තෝනි වාර්ෂික ක්‍රිකට්‌ තරගය පැවැති ඊයේ (14 දා) මහනුවර නගරයේ මහජනතාවට අවහිර වන පරිදි සුඛෝපභෝගී වාහන පැදවූ වැඩිහිටියන් හා සිසුන් පනස්‌දෙනකු පමණ මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මාර්ග නීති හා රථවාහන නීති කඩ කරමින් වාහන ධාවනය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගන්නා ලද මෙම පුද්ගලයන් අතර රිය ධාවන බලපත්‍ර නොතිබුණු කීපදෙනකුද සිටි බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගන්නා ලද සිසුන් පොලිස්‌ ස්‌ථානයේ දී තරයේ අවවාද කර මුදාහරින ලද අතර රිය ධාවන බලපත්‍ර නොමැතිවූ තිදෙනකුට අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.