ක්‍රීඩා උත්සවය අතරේ සිසුවාට අතවර කළ සැකකරු රිමාන්ඩ් භාරයට

සිරිල් විමලසුරේන්ද්‍ර

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ වැසිකිළිය තුළදී නව හැවිරිදි පාසල් ශිෂ්‍යයකුට බරපතළ අපයෝජනයක්‌ සිදුකළැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද වැරැල්ලගම ප්‍රදේශයේ 55 හැවිරිදි පුද්ගලයකු මහනුවර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. ඒ. වසන්ත කුමාර මහතා ලබන 24 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කළේය.

මහනුවර පොලිස්‌ මූලස්‌ථානයේ ළමා හා කාන්තා කටයුතු අංශය මගින් සැකකරු ඊයේ (14 දා) අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ක්‍රීඩා උත්සවයට තම මව සමග සහභාගි වෙමින් සිටි ශිෂ්‍යයා වැසිකිළියට ගිය අවස්‌ථාවේ සැකකරු ශිෂ්‍යයා අපයෝජනයට ලක්‌ කළ බවට සැකකරු චෝදනා ලැබ සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.