ෆෙමිනා මිස්‌ ඉන්ඩියා 2014 අවසන් වටයේ
ජයග්‍රාහිකාවෝ ගාලු කොටුවේ සිරි නරඹති

ෆෙමිනා මිස්‌ ඉන්ඩියා 2014 අවසන් වටයේ ජයග්‍රාහිකාවන් 25 දෙනා පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සංචාරකයක නිරත විය. එම සංචාරය අතරතුර එම යුවතියන් 25 දෙනා සහ 2013 වර්ෂයේ රූ රැජින පදවි ලද සිවුදෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ලෝක උරුමයක්‌ වන ගාල්ල කොටුව ආශ්‍රිත ප්‍රදේශ නැරඹීම සඳහා පැමිණ සිටියහ. මෙම ජයග්‍රාහිකාවන් ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීම තුළින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට මහත් රුකුලක්‌ බව සිනමන් හොටෙල් ඇන්ඩ් රිසොට්‌ස්‌ හි අලෙවි ප්‍රධානි දිලිප් මුදාදෙණිය මහතා පැවසීය. මිස්‌ ඉන්ඩියා 2014 අවසන් වටයේ ජයග්‍රාහිකාවන් 25 දෙනා ගාලු කොටුවේ සංචාරය කරත්දී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

බෝගහගොඩ - ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්, ඉමදුව - කුමාර කොඩිතුවක්‌කු
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.