පාසල් වෑන් රථ ගැන සැළකිලිමත් වන්න

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

පාසල් වෑන් රථවලින් සිය දරුවන් පාසල් කරා රැගෙන යැමේදී එම දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා කාන්තාවන් සිටින වෑන් රථ ගැන සැලකිලිමත්වීම වඩා සුදුසු බව මිරිහාන මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි කාන්තා පොලිස්‌ පරීක්‍ෂිකා චන්දිමා සපුගොඩ මහත්මිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නීය.

විශේෂයෙන් පාසල් දරුවන් රැකබලා ගන්නා කාන්තාවන් නොමැති පාසල් වෑන් රථවල සිය දරුවන් යෑවීමෙන් එම වෑන් රියෑදුරන්ගේ විවිධ අතවරයන්ට ලක්‌වූ අවස්‌ථා රැසකින් අනාවරණය වී ඇති බවද ඈ සඳහන් කර සිටියාය.

පසුගියදා මහරගම ප්‍රදේශයේ පාසල් වෑන් රථ රියෑදුරකු අතින් 4 වසරේ සිසුවියන් සිවු දෙනකු අතවරයන්ට ලක්‌වීමද දරුවන් බලාගන්නා කාන්තාවක එම වෑන් රථයේ නොමැති වීමේ ප්‍රතිඵලයක්‌ මත සිදුවූ එක්‌ උදාහරණයක්‌ බවද ඇය සඳහන් කළාය.

එබැවින් සිය දරුවන් පාසල් කරා රැගෙන යන වෑන් රථ ගැන මීට වඩා අවධානයක්‌ යොමු කළ යුතු බවද ඇය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියාය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.