සිද්ධියට මගේ සම්බන්ධයක්‌ නෑ
- ඇමැති රිෂාඩ් බද්යුද්දීන්

රනිල් ධර්මසේන

මන්නාරම හිටපු මහෙස්‌ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් ලබාදීමේ සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක්‌ නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බද්යුද්දීන් මහතා පැවැසීය.

එමෙන්ම තමන් කිසිදු වරදක්‌ කර නැතැයි ද ඊයේ (14 වැනිදා) කොළඹදී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයාට තම ජංගම දුරකථනයෙන් ඇමතුම් දෙකක්‌ ගැනීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නඩුවක්‌ පැවරුණු බවත් කී ඇමැතිවරයා මන්නාරමේ අදාළ සිද්ධිය වූ බව කියන කාලය තුළ තමා සිටියේ ජනාධිපති මන්දිරයේ යෑයි ද එවැනි ඇමතුමක්‌ තමා නොගත් බවත් කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් අධිකරණයට යම් අගෞරවයක්‌ සිදු වී ඇත්නම් කනගාටුව පළ කරන බවත් නීතියට හා අධිකරණයට ගරු කරන පුද්ගලයෙක්‌ ලෙස කටයුතු කරන බවටත් අධිකරණයට කරුණු දැක්‌වීමෙන් පසුව එය පිළිගත් පැමිණිලි පාර්ශ්වය නඩුව සමථයකට පැමිණීමට එකඟ වූ බවත් එහිදී නීතීඥ එන්. එම්. සහීර්Êමහතා පැවැසීය.

ජනාධිපති නීතිඥ එම්. එම්. සුහයිර් මහතා ඇතුළු නීතිඥවරු ද මෙහිදී අදහස්‌ දැක්‌වීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.