බියගම තේගහවත්තේ කොන්ක්‍රීට්‌ කණුවට තිදෙනෙක්‌ බිලි

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන හා සුගත් ගුණතිලක

කොළඹ පිටත අධිවේගී වටරවුම් මාර්ගයේ බියගම, තේගහවත්ත, ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටි කම්කරුවෝ තිදෙනෙක්‌ ටොන් 84 ක්‌ බර කොන්ක්‍රීට්‌ බාල්කයකට යටවීමෙන් ඊයේ (14 වැනිදා) සවස මිය ගියහ.

අඩි 120 ක්‌ පමණ දිග මෙම කොන්ක්‍රීට්‌ බාල්කය ග්‍රේඩරයකින් ඔසවන විට ලිස්‌සා ගොස්‌ ඔවුන්ගේ ඇඟ මත පතිත වී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ පිලිපීන ජාතිකයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මියගිය එක්‌ අයෙකු පොලොන්නරුවේ පදිංචි අයකු වන අතර සෙසු දෙදෙනා ඇල්aපිටිය ප්‍රදේයේ පදිංචිකරුවෝ වෙති.

කොන්ක්‍රීට්‌ බාල්කයට යටවූ තිදෙනා බියගම රෝහලට ගෙන යන විටත් මියගොස්‌ සිටි බව සේවකයෝ පැවසූහ.

ඊයේ සවස 6.30 ට පමණ අනතුර සිදුවී ඇති අතර සපුගස්‌කන්ද පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.