පැහැරගෙන ගිය සිසුවියට අතවර
තරුණයා අත්අඩංගුවට

අතුල සූරියබණ්‌ඩාර - හිඟුරක්‌ගොඩ/ කරුණාරත්න ගමගේ

දහතුන් වියෑති පාසල් දැරියක දෙමාපිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස්‌ දින කීපයක්‌ කැලෑවක රඳවාගෙන ඇයට අතවර සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති විසිහතර වියෑති තරුණයකු හබරණ පොලිසිය මගින් ඊයේ (14 දා) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු හබරණ සේනාදිරියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු බාලවයස්‌කාර දැරිය සමග පෙම් සබඳතාවක්‌ ගොඩනඟාගෙන ඇය ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ කැලෑවකට රැගෙන ගොස්‌ මෙලෙස අතවර කොට තිබෙන බව හබරණ පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

අතවරයට පත් දැරිය පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර සැකකරු කැකිරාව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

හබරණ සහකාර පොලිස්‌ අධිකාරී පරාක්‍රම ඒකනායක මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.