ජිනීවා යෝජනාවලියට ඉතාලි ශ්‍රී ලාංකිකයෝ විරෝධතාවක



ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ රටවල් විසින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන එනු ලබන යෝජනාවලියට සහයෝගය ලබා නොදෙන්නැයි ඉතාලි රජයට බලකරමින් එරට වෙසෙන දහසකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ රෝම පාර්ලිමේන්තුව අභියස දැවැන්ත උද්ඝෝෂණයක නියෑලුණු අයුරු.

මෙම උද්ඝෝෂණය පැවැති අවස්‌ථාවේ ඉතාලි ජනාධිපති පියෝර්ජියෝ නැපෝලිටානෝ මහතාද පාර්ලිමේන්තුව තුළ සිටි අතර, විරෝධතාව අවසානයේ මේ පිළිබඳ විශේෂ සංදේශයක්‌ එරට ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කාර්යාල නියෝජිතයකු වෙත භාරදී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.