එකඟවන්නේ නෑ:
ඇමරිකා යෝජනාවට විරුද්ධව සටන්කරනවා

- ඇමති මහින්ද සමරසිංහ නොබැඳි ජාතීන්ට කියයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාව ඇමරිකානු යෝජනාවට විරුද්ධව සටන් වදින බවත් කිසිදු ආකාරයක එකඟවීමකට ඉදිරිපත් වන්නේ නැතැයි අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (14 වැනිදා) සවස නොබැඳි ජාතීන්ගේ රටවල කණ්‌ඩායම අමතමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට සිදුවීමට යන දේ තව ටික කලකින් නොබැඳි ජාතීන්ගේ රටවලටද සිදුවනු ඇතැයි දැඩි ලෙස අනතුරු හැඟවීමක්‌ කළ අමාත්‍යවරයා මතුවී ඇති තත්ත්වය මත ශ්‍රී ලංකාවට සහය දෙන්නැයි නොබැඳි ජාතීන්ගේ රටවල තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක්‌ කළේය.

මේ අතර ජිනීවා ආරංචි මාර්ග දැක්‌වූයේ ඇමරිකානු තානාපති බලධාරීන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයකින් ජයග්‍රහණය කරලීම සඳහා මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ රටවල් හතළිහක සාමාජිකයන් වෙන වෙනම හමුවී සාකච්ඡා පවත්වන බවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.