හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක
රාජ්‍ය නොවන සංවිධානවල බළල් අතක්‌ වෙලා

- ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක හා ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

සිරිමන්ත රත්නසේකර

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වල බළල් අතක්‌ වී ඇතැයි ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශ හා ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා චෝදනා කරයි

එසේම එතුමිය රාජ්‍ය නොවන සංවිධාන සමග එක්‌ව රටේත් බෞද්ධයාගෙත් ගෞරවය කෙලෙසන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සමග වාර්තා හුවමාරු කරගනිමින් එදා දොන් ජුවන් ධර්මපාලත් දෝන කතිරිනාත් ඉතිහාසයේ සිදු කළ පාවාදීමට නැවත වරක්‌ උත්සාහ ගන්නා බවත් හෙතෙම සඳහන් කරයි.

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක එජනිස කොළඹ දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා එම අදහස්‌ පෙරේදා (13 දා) පළකළේ බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ පක්‌ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා,

zzඅපේ රටේ ආගමික නිදහස නැහැ, ආගමික සංහිඳියාවක්‌ නැහැ, මේ රටේ බෞද්ධ ජනතාවගෙන් අන්‍ය ආගමිකයින්ට හිරිහැර සිදු වෙනවා, ඒ වගේම අන්‍යාගමිකයන්ගේ නිදහසට නිරන්තරයෙන් පීඩාකරනවා කියන බරපතළ චෝදනා එල්ල කිරීමට චJද්‍රිකා බණ්‌ඩාරනායක හිටපු ජනාධිපතිතුමිය කටයුතු කරලා තියෙනවා. දකුණු ආසියානු ප්‍රතිපත්ති සහ පර්යේෂණ ආයතනය මගින් තමයි මේ වාර්තාව එළි දක්‌වලා තියෙන්නේ. එම ආයතනයේ සභාපතිනිය වශයෙන් එතුමිය වාර්තාවක්‌ එළිදක්‌වමින් කියා සිටිනවා හින්දු, කිතුනු, මුස්‌ලිම් ආගමික ප්‍රජාවන්ට හිරිහැර කරනවා, ඔවුන්ගේ ආගමික ස්‌ථානවලට පහර දෙනවා, ඒ වගේම ඒ අයගේ ආගමික නිදහස උල්ලංඝනය කරලා තියෙනවා කියලා. මේ චෝදනා ඉතාමත් බරපතළ චෝදනා විදිහටයි අපි දකින්නේ.

මෙවැනි කිසිදු පදනමක්‌ නැති සාක්‍ෂි නැති නොයෙක්‌ වාර්තා ජාත්‍යන්තරයට අරන් ගිහිල්ලා ජාත්‍යන්තර වශයෙන් අපේ රට හුදකලා කරන්න, කොටු කරන්න කටයුතු කරනවා වගේම අපේ රට මානවහිමිකම් නැති, මාධ්‍ය නිදහස නැති ප්‍රජාතන්ත්‍රවාදය නැති, ඒවගේම නීතියේ ආධිපත්‍ය නැති රටක්‌ විදිහට තහවුරු කරන්න, හංවඩු ගහන්න හදන වැඩ පිළිවෙලේ තවත් එක අදියරයක්‌ තමයි මේ. චJද්‍රිකා බණ්‌ඩාරනායක හිටපු ජනාධිපතිවරිය අද ජාත්‍යන්තර බලවේග වල වගේම රාජ්‍ය නොවන සංවිධාන වල අතකො`ඵවක්‌ බවට පත්වෙලා තිබෙනවා.

චJද්‍රිකා මහත්මිය දේශපාලනිකව ඉදිරියට ගේන්න කටයුතු කරපු බලවේග රාශියක්‌ හිටියා. ඒ අතර ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විශාල කාර්යභාරයක්‌ කරා සේම ඔවුන් නොයෙක්‌ ආකාරයෙන් මෙතුමියව කරලියට ගෙන ඒමේ මෙහෙයුමේ නිරතව සිටිනවා. ඒ නිසා චJද්‍රිකා මහත්මිය අද ඉෂ්ට කරමින් ඉන්නේ කාගේ කොන්තරාත්තුවද කියන එක පැහැදිලියි.

මේ රටේ ආගමික සහජීවනය නෑකියන්න මොනවද තියෙන සාක්‍ෂි? මොනාද තියෙන තොරතුරු? යම් යම් සිදුවීම් ලෝකේ ඕනම රටක සිදුවෙන්න පු`ඵවන්. නමුත් එකම සිදුවීම නැවත නැවතත්, නැවත නැවතත්a සිදු වෙනව නම් අපිට කියන්න පු`ඵවන් අන්න එහෙම රටක ආගමික අයිතීන් උල්ලංඝනය වෙලා තියෙනවා කියලා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රස්‌තවාදය පැවති සමයේ අපිට මතකයි ඒ ප්‍රදේශවල තිබුණ බෞද්ධ අයිතින් අහිමි වුනා. එහෙ තිබුණු බෞද්ධ සිද්ධස්‌ථාන ඩෝසර් කරා. බෝධීන් වහන්සේලා විනාශ කළා. බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ දළදා වහන්සේට ප්‍රහාරය එල්ල වූයේ චJද්‍රිකා මහත්මිය කාලේ. එතකොට කවුරුත් හිටියද බෞද්ධයාගේ ආගමික අයිතිවාසිකම් ගැන කතා කරන්න. ලෝකයේ කතෝලික ප්‍රජාවට කොතරම් දුරට වතිකානුව වැදගත් වෙනවාද? මුස්‌ලිම් ජනතාවට මක්‌කම කොතරම් දුරට වැදගත් වෙනවාද? ඒ හා සමාන වැදගත් කමක්‌ දළදා වහන්සේ සම්බන්ධව බෞද්ධයන්ටත් තියෙනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.