ජාතික ඖෂධ ප්‍රතිපත්තයත් විකෘති කරලාලූ!

ඒමන්ති මාරඹේ

නව ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පතට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ පෞද්ගලික වුවමනාව මත සමහර කරුණු ඇතුළු කර ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිත දැනුම් දීමක්‌ කර තිබේ.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත සකස්‌ කිරීමට පෙර රජයේ ඖෂධවේදීන්ගේ අදහස්‌ ද විමසන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිය සංගමය වෙත කලින් දැනුම් දී තිබුණද මෙතෙක්‌ එවැන්නක්‌ සිදු නොවූ බවද ඖෂධවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙහි සඳහන් කර තිබේ.

මෙම තත්ත්වය මත අදාළ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පෙර හෝ ඖෂධවේදීන්ගේ අදහස්‌ හා යෝජනා නිල වශයෙන් ලබා ගන්නා ලෙසද අදාළ කරුණු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමේ ගැටලු පවතී නම් ඒ පිළිබඳව ඖෂධවේදීන්ගේ වෘත්තීයවේදී සංවිධානය සමග නිල වශයෙන් සාකච්ඡා කරන ලෙස ද සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.