දෙවරක්‌ම ඵලදායී සම්මානය දිනාගත්
මහියංගණ රෝහලේ උග්‍ර වෛද්‍ය හා

ශල්‍ය උපකරණ හිඟයක්‌

ශල්‍යාගාරයක්‌ වසාදමයි,-පොරොත්තු ලේඛනය වසර 1 1/2 කින් ක්‌වෙයි


රංජිත් කරුණාවීර - මහියංගණය

මේ වන විට ක්‍රියාත්මක ජාතික සෞඛ්‍ය සතියට සමගාමීව රට පුරා රෝහල් වෙත සෞඛ්‍ය උපකරණ ලබාදීම ආරම්භ කර තිබුණද මහියංගන මූලික රෝහලේ උග්‍ර ශල්‍ය උපකරණ හිඟයක්‌ හේතුවෙන් එක්‌ ශල්‍යාගාරයක්‌ වසා දමන්නට සිදුව තිබේ.

මහියංගන මූලික රෝහල ඒ ශ්‍රේණියේ මූලික රෝහලක්‌ වන අතර ඉ රියේදී ස්‌ත්‍රික්‌ රෝහලක්‌ කිරීමේ අවශ්‍යතාවය ඇති රෝහලක්‌ වන අතර දැනට රෝහලේ උග්‍ර වෛද්‍යවරු හිඟයක්‌ සහ ශල්‍ය උපකරණ හිඟයක්‌ හේතුවෙන් එහි ශල්‍යාගාරයක්‌ වසා දමන්නට පවා සිදුව තිබේ. මේ හේතුව නිසා ශල්‍යකර්ම සඳහා රෝහලට ඇතුළත් වන රෝගීන්ගේ පොරොත්තු නාම ලේඛනය වසර 1 1/2 පමණ ප්‍රමාද වී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී හා ගොවිතැනින් සහ එදාවේල හරි හම්බකර යෑපෙන ජනතාවක්‌ සිටින ප්‍රදේශයක රෝගීන් විශාල පිරිසක්‌ පීඩාවට පත්ව සිටිති. එසේම මාරුවීම් ලබා මහියංගන රෝහල වෙත අනුයුක්‌ත කර ඇති වෛද්‍යවරු හා කාර්ය මණ්‌ඩලය රෝහල වෙත නොපැමිණීම හේතුවෙන් හා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ඉහළ නිලධාරීන් පසු විපරම් නොකිරීම හේතුවෙන් රෝහලේ දෛනික ප්‍රතිකාර කටයුතු පවා අඩාල වී තිබේ.

රෝහලේ ශල්‍යාගාර දෙකෙන් එකක්‌ මේ වන විට වසා දමන්නට සිදුවී ඇත්තේද මේ උග්‍ර වෛද්‍ය හිඟය සහ ශල්‍ය උපකරණ හිඟය හේතුවෙනි. ඉහත හේතුන් නිසා ශල්‍යකර්මයක්‌ සිදු කරමින් සිටින විට හ සි අනතුරුවලට බඳුන් වූ රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙන ආ අවස්‌ථාවන් බොහොමයකදී කඩිනම් ප්‍රතිකාර ලබා දෙන්නට නොහැකිව රෝහල් කාර්යය මණ්‌ඩලය අපහසුතාවන්ට පත්වී ඇති අතර එමගින් රෝගීන්ගේ ජීවිත බලවත් සේ අවදානමකට ලක්‌වී ඇත.

එසේම රෝගීන්ගේ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා පඨකවේදී පරීක්‍ෂණ සිදුකිරීම අත්‍යාවශ්‍ය කරුණක්‌ව තිබියදී (දේහ අභ්‍යන්තර අර්බුද ගෙඩි, පිළිකා) ඒ සඳහා විශේෂඥ ව්‍යාධිවේදී වෛද්‍ය සේවාව සඳහා ඇල්පිටිය රෝහලෙන් මහියංගන මූලික රෝහල වෙත අනුයුක්‌ත කර ඇති වෛද්‍යවරයා මාස 2 කට අධික කාලයක්‌ තිස්‌සේ වාර්තා නොකිරීම හේතුවෙන් පරීක්‍ෂණ සිදු කරගෙන ශල්‍යකර්ම සඳහා යොමු වීමට නොහැකිව ඇත.

බදුල්ල ස්‌ත්‍රික්‌කයට අයත් මහියංගන ප්‍රදේශයේ මෙම රෝහල පිහිටියද බදුල්ල ස්‌ත්‍රික්‌කය ඇතුළුව අවට ස්‌ත්‍රික්‌ක 5 ක්‌ සඳහා සිය සේවාව නොඅඩුව ලබාදෙන්නට මහියංගන මූලික රෝහලේ වෛද්‍යවරු හා කාර්ය මණ්‌ඩලයට සිදුවී ඇත.

උග්‍ර වෛද්‍යවරු හිඟය මැද මහියංගන මූලික රෝහලේ මාතෘ වාට්‌ටුවේ ශල්‍යකර්මද සමග මාසිකව ශල්‍යකර්ම 2000 ක්‌ - 3000 ක්‌ සිදු කරන්නට දැනට සිටින කාර්ය මණ්‌ඩලයට සිදු වී ඇත. එමෙන්ම බාහිර රෝගී අංශයේ නකට රෝගීන් 600 කට අධික ප්‍රමාණයකට ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරුන්ට සිදුව ඇත.

දෙවරක්‌ම ඵලදායිතාවය සම්මානයෙන් පිදුම් ලබා ඇති මහියංගන මූලික රෝහල වයිනේ ඇති රෝහල් වලින් ඉහළ ස්‌ථානයක්‌ ගත් රෝහලක්‌ හා කීර්තියක්‌ ලබාගත් රෝහලක්‌ බවට පත් වූ එකකි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.