කොළඹ ජාතික රෝහලට අවුරුදු 150 යි

18 දා සැමරුම් උත්සවයක්‌


වසර 1800 දී ආරම්භ කළ කොළඹ ජාතික රෝහලට 2014 ට අවුරුදු 150 සම්පූර්ණ වේ. අක්‌කර 38 ක භූමි භාගයක්‌ පුරා පැතිර පවතින මෙම රෝහල ආසියාවේ විශාලතම රෝහල වේ.

1800 වර්ෂයේදී කොළඹ මහ රෝහල නමින් ඇරඹි මෙම රෝහල මේ වන විට ශ්‍රී ලංකාවේ පළමු ජාතික රෝහල වශයෙන් අතිවිශාල සේවාවක්‌ වයිනේ සතර ග්භාගයෙන් පැමිණෙන මහජනතාවට ලබා දෙමින් සිටී. වර්තමානයේ රෝහල් ඇඳන් 3500 කින් සමන්විත කොළඹ ජාතික රෝහල දැඩි සත්කාරක ඒකක 18 කින්ද, ශල්‍යාගාර 21 කින්ද සමන්විත වේ. සමස්‌ත කාර්ය මණ්‌ඩලය 7500 කි.

වාර්ෂිකව ලක්‍ෂ 20 ක ජනතාවක්‌ නේවාසික ප්‍රතිකාර ගන්නා අතර නකට මෙම රෝහලේ බාහිර රෝගී අංශයෙන් 700 ක්‌ පමණ ප්‍රතිකාර ගනිති. වාර්ෂිකව ලක්‍ෂ 10 ක්‌ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා පැමිණෙති. එමෙන්ම සුළු සැත්කම්වල සිට මහා පරිමාණයේ සැත්කම් දක්‌වා ශල්‍යකර්ම 80,000 ක්‌ පමණ වර්ෂයකට සිදුකරති.

මහල් 17 කින් සමන්විත ගොඩනැඟිල්ලක නව බාහිර රෝගී අංශයක්‌ ඉ කිරීම මේ වනවිට අරඹා ඇති අතර ජාතික දන්ත වෛද්‍යසේවා ආයතනය මෙන්ම අපස්‌මාර රෝගය සඳහා මහල් 10 කින් සමන්විත ඒකකයක්‌ද මේ වන විට ඉ වෙමින් පවතී. මේ අන්දමින් අති විශාල සේවාවක්‌ මහජනතාවට සපයන වයිනේ ප්‍රමුඛතම සෞඛ්‍ය ආයතනය වන කොළඹ ජාතික රෝහල 150 සම්පූර්ණවීම නිමිත්තෙන් මාර්තු 18 වැනි න ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක්‌ කොළඹ ජාතික රෝහල විසින් සංවිධානය කර ඇත. එමෙන්ම රෝගී සත්කාරක සේවාවන්හි පහසුකම් වැඩි යුණු කිරීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ වන අතර සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. එමෙන්ම සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරු ඇතුළු නිලධාරීහු රැසක්‌ මෙම සමරු උත්සවයට සහභාගි වන බව ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.