මුඛ පිළිකා වැඩිවේ

විජයසිරි විද්‍යාසේකර කලුතර සමූහ

මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැවැත්වූ සමීක්‍ෂණයකින් හෙළිවී ඇත.

වතු ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් අධික ලෙස බුලත්විට සැපීම, සිගරැට්‌ හා මත්පැන් පානය කිරීම නිසා මේ රෝගයට ගොදුරුවී ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

පසුගියදා කළුතර දිස්‌ත්‍රික්‌කයේ වතුවල පදිංචි පුද්ගලයන් ත්‍රීවිල් රියෑදුරන්ද වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌ කළ අතර ඔවුන්ගෙන් විශාල පිරිසකට මුඛ පිළිකා රෝග ලක්‌ෂණ තිබූ අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ බව කළුතර ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය සුජීවා ගමඇතිගේ මහත්මිය මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළාය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.