සෞඛ්‍ය පහසුකම් සංවර්ධනයට ජපානයෙන් ආධාර

ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය මට්‌ටම තවදුරටත් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් දිවයින පුරා පිහිටි ජාතික රෝහල්, ශික්‌ෂණ රෝහල්, පළාත් රෝහල්, දිස්‌ත්‍රික්‌ රෝහල්, මූලික රෝහල් හා ප්‍රාථමික වෛද්‍ය සුරැකුම් ඒකකයන් සඳහා උසස්‌ තත්ත්වයේ නවීන වෛද්‍ය උපකරණ හා සුබසාධන උපකරණ සැපයීමට රජය කටයුතු යොදා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

ජපානය හා ශ්‍රී ලංකාව අතර පවත්නා දිගුකාලීන ආර්ථික සහයෝගිතාව පදනම් කරගනිමින් ව්‍යාපෘති නොවන මූල්‍ය ප්‍රදාන යටතේ ජපන් රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන රුපියල් මිලියන 625 ක මූල්‍ය ප්‍රදාන යටතේ මෙම නවීන සෞඛ්‍ය පහසුකම් රජයේ සමස්‌ත රෝහල් පද්ධතියටම හිමිවෙනු ඇතැයිද එම අමාත්‍යාංශය කියයි.

මෙම මූල්‍ය ප්‍රදානයට අදාළ ගිවිසුම් ලේඛනවලට අත්සන් තැබීම ජපන් රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබිහිතෝ හොබෝ හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහා භාණ්‌ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය බී. එම්.එස්‌. බටගොඩ යන මහත්වරුන් විසින් පසුගියදා (11 දා) මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේදී සිදුකළ අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.