කුණු දොඩම් දැලේ

ලසිත දුමින්ද

පරිභෝජනයට නුසුදුසු රුපියල් ලක්‍ෂ 60ක්‌ පමණ වටිනා ආනයනික දොඩම් කිලෝ විසිපන්දහසක්‌ ඊයේ (25 දා) පිටකොටුව පළතුරු ව්‍යාපාරික ස්‌ථානයක තිබී පාරිභෝගික අධිකාරිය මගින් සොයාගෙන ඇත.

කුණු වී සහ තැලුණු මෙම දොඩම් පළතුරු බීම නිෂ්පාදනයත්, හොඳ පළතුරුත් සමග අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඒවා බව පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙම ජාවාරම කාලයක්‌ තිස්‌සේ සිදුකරගෙන ගොස්‌ ඇතැයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

පළතුරු වෙළෙඳ සල්වලින් මිලදී ගන්නා පළතුරු සම්බන්ධයෙන් දැඩි අවධානයක්‌ යොමු කරන ලෙසට පාරිභෝගික අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් අංශයේ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි, නිපුන් ඒකනායක යන මහත්වරු ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ එම වැටලීම සිදුකළහ.

පරිභෝජනයට නුසුදුසු පළතුරු ළඟ තබා ගැනීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා මාළිගාකන්ද මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 75,000 ක දඩයක්‌ හා එම පළතුරු තොගය විනාශ කිරීමට නියෝග කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.