o

 
 
 
 
 

 

සංක්‍රමණිකයන්ගේ රැකවරණයට සෞඛ්‍යාරක්‍ෂණ ප්‍රවේශයක්‌


ශ්‍රී ලංකාවට පැමිණෙන සංක්‍රමණිකයන් මෙන්ම අප රටෙන් විදේශගත වන සංක්‍රමණිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සෞඛ්‍යාරක්‍ෂාව උදෙසා සීමාමායිම්වලින් තොර සෞඛ්‍යාරක්‍ෂණ ප්‍රවේශයක්‌ සංක්‍රමණිකයන් සඳහා වන අන්තර් ජාතික සංවිධානය විසින් හඳුන්වා දී ඇත.
මේ වන විට අප රට තුළ සිදුවන බාහිර හා අභ්‍යන්තර සංක්‍රමණය නිසා ඇතැම් රෝග විදේශවල සිට අප රටටත්, අප රටේ තිබෙන ඇතැම් රෝග විදේශවලටත් ව්‍යාප්ත වීමට තිබෙන ඉඩකඩ අහුරාලීම මෙහි අරමුණයි.
මේ යටතේ අප රටේ සිට මෙන්ම වෙනත් රටවල්වල සිට සංක්‍රමණය වන්නන් හරහා රටට ඇතුල්විය හැකි විවිධ රෝගාබාධවලින් ජනතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා සකස්‌ කළ මෘදුකාංග පද්ධතියක්‌ ඔයෑ The Software System on Barder Health සංක්‍රමණිකයන් සඳහා වන අන්තර් ජාතික සංවිධානය විසින් හඳුන්වා දෙනු ලැබීය. එම සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ගුසෙප් ක්‍රොසෙට්‌ Crocetti මහතා විසින් එම මෘදුකාංග පද්ධතිය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී බාරදෙනු ලැබීය.
රෝගාබාධවලින් ආරක්‍ෂා කර ගැනීම සඳහා වන මෘදුකාංග පද්ධතිය කටුනායක හා මත්තල ගුවන් තොටුපළවලත්, කොළඹ හා හම්බන්තොට ඇතුළු සෙසු වරායන් හි ද සවි කිරීමට නියමිතය.
මෙම මෘදුකාංග පද්ධතිය හඳුන්වාදීමේ අවස්‌ථාවට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල සහ රෝග ආවේක්‌ෂණ අධ්‍යක්‍ෂ වෛද්‍ය එල්. බී. එච්. දෙනුවර සහ ජාත්‍යන්තර සංක්‍රමණිකයන් පිළිබඳ සංවිධානයේ වෛද්‍ය ශාරිකා ලසන්ති පීරිස්‌ මහත්මියද සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.