2014 අප්‍රේල් 02 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster

 


සෙබලා ළඟ ලක්‍ෂ
27ක හොර නෝට්‌ටු

මෙම සෙබළා පෞද්ගලික මුද්‍රණ ආයතනයකට රු. ලක්‌ෂ 90 ක්‌ වටිනා නෝට්‌ටු මුද්‍රණය කර දෙන ලෙස ඉල්ලා ඇති අතර ඒ පිළිබඳව එම ආයතනය පවත්වාගෙන ගිය අය විසින් පොලිසියට දැනුම් දී ඇත. පසුව පොලිසිය සෙබළාගේ නිවෙස වැටලූ අවස්‌ථාවේ අදාළ ව්‍යාජ නෝට්‌ටු හමුවී තිබේ.


පිල්ලේගේ මණ්‌ඩලයට
ශ්‍රී ලංකාව තහනම්

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් කිරීම සඳහා දරනා උත්සාහයට කිසිසේත් පහසුකම් සපයන්නේ නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.


මතුගමදී තවත් ලක්‍ෂ 50ක මංකොල්ලයක්‌

මතුගම නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකට අයත් රුපියල් පනස්‌ ලක්‍ෂයක මුදලක්‌ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ (01) දහවල් කොල්ලකාගෙන දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී පලාගොස්‌ ඇත.

නුවරඑළිය වසන්ත
සැණකෙළිය ඇරඹේ


පාසල් 32 ක කණ්‌ඩායම් 58 ක්‌ නියෝජනය කරමින් සිසු දරු දැරියන් එක්‌දහස්‌ පන්සිය අසූඅටකගේ සහභාගිත්වයෙන් පැවැති තූර්ය වාදක සංදර් ශනයකින් සැණකෙළිය ආරම්භ විය.

මනාප ප්‍රශ්නයක්‌ මත කොළඹ අවසන් මනාප ප්‍රතිඵල ඊයේ වනවිටත් නිකුත් වී නැහැ

මෙම ගැටලුව සම්බන්ධයෙන් මුස්‌ලිම් කොංග්‍රසය හා මැති වරණ කොමසාරිස්‌වරයා අතර ඊයේ (01) දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු වුවද යළි මනාප ගණන් කරන ලෙස කොංග්‍රසය කළ ඉල්ලීම මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් එක හෙළාම ප්‍රතික්‌ෂේප කළේය.

කිසිම මන්ත්‍රීවරයකු පත් නොවුණු කණ්‌ඩායම්වල මනාප ගණන් නොකරයි

තේරී පත් නොවුණු අපේක්‍ෂක යන්ගේ මනාප ඡන්ද ගණන් නොකිරීමට මැතිවරණ දෙපා ර්තමේන්තුව තීරණය කර ඇත.


වැලිකඩ රැඳවි කත උසස්‌ නිලධාරිනියගේ තොප්පිය ගලවයි

රැඳවි කත ඒ අන්දමින් උසස්‌ නිලධාරිනියගේ හිස්‌වැසුම ගලවා ඇත්තේ තවත් කාන්තා රැඳවියන් දෙදෙනකු සමඟ අල්ලන ලද ඔට්‌ටුවකට අනුව බව අනාවරණය වී ඇත.


වැසි ඉල්ලා පැන් පූජා

වියළි කාලගුණය පහව ගොස්‌ නිසි කලට වැසි අපේක්‍ෂාවෙන් ලංකා විදුලිබල මණ්‌ඩලය වාර්ෂිකව සිදුකරන පැන් පූජා මහෝත්සවය පසුගියදා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්විණි.


සමානුපාතික ඡන්ද ක්‍රමයට පිංසිදු වන්නට එජාපය ඇතුළු විපක්‍ෂය ජාම බේරාගෙන තිබෙනවා - ඇමැති ඩබ්. ඩී. ඡේ. සෙනෙවිරත්න

අපි මේ පළාත් සභා දෙකේ විතරක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයට වඩා වැඩි ඡන්ද ලක්‌ෂ 10 ඉක්‌මවලා ලබාගෙන පැහැදිලි බහුතර ජයග්‍රහණයක්‌ ලබාගෙන තියෙනවා. ඉතින් මීටත් වඩා ජයග්‍රහණයක්‌ තියෙනවද?

ප්‍රභාගේ මරණය සඳහන් චිත්‍රපටය ඉන්දියාවේ තහනම්

ප්‍රභාකරන් මරුමුවට පත්වී නැති බවත්, ජීවතුන් අතර සිටින බවත් ඉනාම් චිත්‍රපටයේ ප්‍රභාකරන් මියගොස්‌ සිටින අයුරු දැක්‌වෙන දර්ශන ශ්‍රී ලංකා හමුදාව සපයා ඇති බවත් ඊළාම් සංවිධාන පවසා තිබේ.

හම්බන්තොට වැඩිම මනාප ගත් උපුල්ගේ ආධාරකරුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්‌

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.

නව මහ ඇමැතිවරු සහ ඇමැතිවරු දිවුරුම් දීම සිකුරාදා

දිවුරුම්දීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුකිරීමට නියමිතව ඇති අතර බස්‌නාහිර මහ ඇමැති ලෙස ප්‍රසන්න රණතුංග මහතාද, දකුණු පළාත් මහ ඇමැති ලෙස ශාන් විජයලාල් සිල්වා මහතා...

පොලිස්‌ පරීක්‍ෂකවරු 123 ක්‌ සහකාර පොලිස්‌ අධිකාරි තනතුරට

තවත් නිලධාරීන් 24 දෙනෙකු පොරොත්තු ලේඛනයේ සිටින අතර එම නිලධාරීන්ට එරෙහිව ඇති නඩු කටයුතු නිමවීමෙන් පසු ඔවුන්ට නව තනතුර ලබාදීමට නියමිතය.

ජාතික මදුරු මර්දන
සතිය අද සිට

දුරු මර්දන සතිය තුළදී සියලු රජයේ හා පෞද්ගලික ආයතන, විශ්වවිද්‍යාල, අනෙකුත් උසස්‌ අධ්‍යාපන ආයතන, ළදරු පාසල් පරිශ්‍රයන් ඇතුළු ආයතන පිරිසිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සන්ධානය ප්‍රසාද
මන්ත්‍රීධුර නම් කරයි

කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් නවුසර් ෆවුසි, ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් දුල්ෂාන් කාරියවසම්, හම්බන් තොට දිස්‌ත්‍රික්‌කයෙන් ආනන්ද පතිරගේ හා ගම්පහ දිස්‌ත්‍රික්‌ කයෙන් ලලන්ත ගුණසේකර යන මහත්වරුන් මෙසේ පත්කර ඇත.

ආරක්‍ෂකයින්ට පහර දුන්නැයි අත්අඩංගුවට ගත්
ජ'පුරේ සිසුන් 14 ක්‌ 4 දා දක්‌වා රිමාන්ඩ්

විශ්වවිද්‍යාල සිසුන් විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂක මුරකුටියට හා ගේට්‌ටුවලට පහරදී රුපියල් ලක්‍ෂයකට අධික දේපළ හානියක්‌ සිදුකර ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව
දුමින්ද සිල්වා ඇතුළු විත්ති කරුවෝ සියලුම චෝදනාවන්ට නිවැරදි කරුවෝ බව විනිසුරු ඉදිරියේ ප්‍රකාශ කරති

ඔවුන් එසේ ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මෙම මහෙස්‌ ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති ලඝූ නොවන සාක්‍ෂි විභාගය අවසානයේ විත්තිකරුවන්ට චෝදනා කියා දීමෙන් පසුව තමන් චෝදනාවන්ට වරද කරුවන්ද, නිවැරදිකරුවන්ද යන්න අධිකරණය කළ විමසුමට පිළිතුරු දෙමිනි.

දිවයින  සැනෙකින් පුවත්

"ගම හැරදා සිදාදියට යන්නෙම නෑ මං....!"

"ඒක නෙවි... දැන් අපි මන්ත්‍රීතුමී කියලද කතා කරන්න ඕන?
"අනේ මේ විකාර කතා නොකර ඉන්න අයියේ..."
"නැත්නම් ඔයාට... තරහා යාවිනේ... ඒකයි... මම එහෙම ඇහුවේ...!"


පළාත් සභා මැතිවරණ යකදී කළුතරින් වැඩිම මනාප සෙනල්ට

බස්‌නාහිර පළාත් සභාවට කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් අපේක්‌ෂකයකු මනාප ඡන්ද ලක්‌ෂයකට අධික ප්‍රමාණයක්‌ ලබාගත් ප්‍රථම අවස්‌ථාවද මෙය වේ.


මහවැලියත් හිඳිලා!

ප්‍රදේශයේ දිගු කලක්‌ තිස්‌සේ පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා මහවැලි ගඟද අන්තයටම සිඳී ගොස්‌ ඇත.


මා ඔය සිඳී යයි


රඹුක්‌කන පින්නවල අලි අනාථාගාරය අසලින් ගලා බසිනා මා ඔය මේ දිනවල පවත්නා දැඩි නියඟයට හසුවීම නිසා ජල මට්‌ටම සීග්‍රයෙන් අඩු වී ගොස්‌ ගල් මතු වී.....

පිඹුරු යුවළ වතුර බොන්න ඇවිත්

ගල්පොකුණ පුරාණ රජමහා විහාරයේ ඇති ජල පොකුණට ජලය පානය කිරීම සඳහා අසල රක්‍ෂිතයේ සිට පැමිණි පිඹුරු යුවළක්‌......

ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට ශ්‍රී මහා බෝධිය අබියසදී

ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට (03 දා) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ජනාධි පති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පළාත් දෙකේ නව විපක්‍ෂ නායකවරුන් තීරණය කෙරේ

බස්‌නාහිර පළාත් සභාව සඳහා මංජු ශ්‍රී අරංගල මහතා ද දකුණු පළාත් සභාව සඳහා අශෝක ධනවංශ ද සිල්වා මහතා ද නව විපක්‍ෂ නායක වරුන් ලෙස පත්කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය සැලසුම් කර ඇත.

සන්ධානයට වැඩිම ඡන්ද දී ඇත්තේ බුලත්සිංහලින්

බුලත්සිංහල ආසනය ඡන්ද 33226 ක්‌ ලබා ගනිමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කළ අතර එය ප්‍රතිශතයක්‌ ලෙස සියයට 66.28 කි.

ඉන්දියාව නිහඬ වුණේ චීනය ගැන හිතලා

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළා නම් චීනයට ශ්‍රී ලංකාවේ කටයුතුවලට මුළුමනින්ම මැදිහත්වීමට ඉඩ ලැබෙන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.

බලතල වැඩක්‌ නෑ
- මන්නාරම රදගුරු හා උතුරේ එන්.ජී.ඕ. කියති

එකී 13 වැනි සංශෝධ නයෙන් උතුරේ ජනතාවට දේශපාලන විසඳුමක්‌ ලැබෙන්නේ නැතැයි මන්නාරම රදගුරු හා රාජ්‍ය නොවන සංවිධාන ජාලය ප්‍රකාශ කර තිබේ.

පවුල් සෞඛ්‍ය නිලධාරි නියෝ අද සිට වර්ජන

හෙද කාර්ය මණ්‌ඩලයට සූතිකා පුහුණුව ලබාදීමට ගෙන ඇති තීන්දුව අවලංගු කරන ලෙස ඉල්ලමින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියෝa (වින්නඹු) අද (02 දා) සිට වැඩවර්ජනය කරති

දකුණේ විපක්‍ෂ නායක ධුරයට මන්ත්‍රීවරු හතර දෙනෙක්‌ සටනේ

මෙවර දකුණු පළාත් සභාවට තේරීපත් වූ එජාප අපේක්‍ෂකයන් සිව්දෙනකු අතර දකුණු පළාත් සභාවේ විපක්‍ෂ නායක තනතුර සඳහා සටනක්‌ නිර්මාණය වී ඇත.

"මනෝ වික්‌ෂිප්තතා" රෝගයෙන් පෙළෙන දරුවන් හාරදහසක්‌ පමණ වාර්ෂිකව ශ්‍රී ලංකාවේ උපත ලබනවා
- විශේෂඥ වෛද්‍ය හේමමාලි පෙරේරා

මෙරට උපත ලබන දරුවන් 93 දෙනෙකුගෙන් එක්‌ අයකු ඔටිසම් රෝගයෙන් පෙළෙන අතර එම රෝගී දරුවන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පැවැතීම නිසා .....

සැමියා බිරිඳ රටයවා නිවසේ කුළියට සිටි බාල දැරිය අඹුව කරගෙන

දැරියගේ මවගේ ද අනුමැතිව ඇතිව දැරිය හා සැකකරු අඹු සැමියන් ලෙස අවුරුද්දකට ආසන්න කාලයක්‌ ගත කර ඇති බවද පැමි ණිල්ලේ සඳහන් කර ඇත.

බීමතින් පැමිණ 15 හැවිරිදි දියණියට වද හිංසා කරන පොලිස්‌ කොස්‌තාපල් දැලේ

සිය පියා බීමත්ව පැමිණ තමන්ට පහර දෙන බව දැරිය කළුතර දකුණ පොලිසියට හා පයාගල පොලිසියට පැමිණිලි කීපයක්‌ කර.....

  • එම්බාර්ක්‌ ඇඟලුම් එකතුවක්‌ ඔඩෙල් එළිදක්‌වයි

    එම්බාර්ක්‌ නිර්මාතෘ ඔටාරා ගුණවර්ධන මහත්මියගේ සුරතලුන් වන නිකෝ, බැන්ඩිට්‌ සහ රොසී යන සුනඛයින්ගේ චරිත ඇසුරු කර ගනිමින් 'මුහුදු කොල්ලකරුවන්' යන තේමාව රැගත් නව එම්බාර්ක්‌ ඇඟලුම් එකතුව පසුගියදා එළිදැක්‌විය.

  


 

  

Kapruka Shopping |  News





 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.