බලතල වැඩක්‌ නෑ
- මන්නාරම රදගුරු හා උතුරේ එන්.ජී.ඕ. කියති

කීර්ති වර්ණකුසූරිය

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය ප්‍රකාර උතුරු පළාත් සභාවට බලතල දෙන ලෙස ඇමරිකානු යෝජනාවෙන් කර ඇති ඉල්ලීම මන්නාරම රදගුරු රායප්පු ජෝශප් සහ උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ජාලය ප්‍රතික්‍ෂේප කර ඇත.

මේ සම්බන්ධව ඔවුන් ඊයේ (01 දා) නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කර ඇත. එකී 13 වැනි සංශෝධනයෙන් උතුරේ ජනතාවට දේශපාලන විසඳුමක්‌ ලැබෙන්නේ නැතැයි මන්නාරම රදගුරු හා රාජ්‍ය නොවන සංවිධාන ජාලය ප්‍රකාශ කර තිබේ.

එකී 13 වැනි සංශෝධනයට අදාළ බලතල වැඩක්‌ නැතැයි ඔවුන් දන්වා ඇත.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.