ඉකුත් තෙමස තුළ ඩෙංගු රෝගීහු හය දාහක්‌

බෝගහගොඩ - ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්

මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 6000 ක්‌ පමණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ජාතික මදුරු මර්දන සතියක්‌ ක්‍රියාත්මක කිරීමටද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රියෙල් මස 02 වැනි දින සිට 08 වැනි දින දක්‌වා මෙම ජාතික මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

අප්‍රියෙල් මාසයේ දී ඩෙංගු රෝගය ඉහළ යා හැකි බවට සැක පළ කෙරෙන අතර ඒ අනුව මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ද එමඅමාත්‍යංශය පෙන්වා දෙති. ඒ අනුව රට පුරා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතය. එම කාලය තුළ ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා හැකි සෑම අයුරින්ම දායකත්වය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සියලු ජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.