හෙදියන්ට සූතිකා පුහුණුව දීමේ අවුලට සෞඛ්‍ය ලොක්‌කෝ වගකිව යුතුයි
- රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි

ඒමන්ති මාරඹේ

හෙදියනට සූතිකා පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් වර්තමානයේ හටගෙන ඇති අවුල්සහගත තත්ත්වයට සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස්‌ නිලධාරීන් කිහිපදෙනකු Rජුවම වගකිව යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය zදිවයිනZට පැවසුවාය.

හෙදියනගේ සූතිකා පුහුණුව පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ විද්වත් මණ්‌ඩල කමිටුවේ නිර්දේශයන්ට පටහැනි අයුරින් හෙද පුහුණු විදුහල්වල ඉගෙනුම ලබන z2009 බීZ හෙද සිසු කණ්‌ඩායමට සූතිකා පුහුණුව ලබා දීමට තීරණය කරමින් ඉදිරි හෙද සිසු කණ්‌ඩායම් සඳහා සූතිකා පුහුණුව ලබා දීම ළඟදීම තීරණය කරන බව ප්‍රකාශ කර ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් මේ වන විට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් එම තීන්දුවට විරුද්ධව දියත් කර ඇති අඛණ්‌ඩ වැඩ වර්ජනය පිළිබඳව මුනිවත රකින බව ඇය කීවාය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස්‌ නිලධාරීන් කිහිපදෙනකු විසින් මෙම ප්‍රශ්නයේදී ගනු ලැබූ වැරැදි තීරණයන් වසා ගැනීම සඳහා අමාත්‍යංශයේම ඇතැම් නිලධාරීන් සෑම හෙදියකටම සූතිකා පුහුණුව ලබා දීමට තීරණයක්‌ ගෙන නැති බවට අලුත් තර්කයක්‌ ඉදිරිපත් කරමින් තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නැවැත්වීමට උත්සාහ ගනිමින් සිටින බව කොඩිතුවක්‌කු මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (වින්නඹු) විසින් හෙද සූතිකා පුහුණුවට එරෙහිව 2 දා ක්‍රියාත්මක කරනු ලැබූ දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩ වර්ජනය තවමත් ක්‍රියාත්මකව පවතී.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.