හෙදියන්ට වින්නඹු පුහුණුව දෙනවාට එරෙහිව පවුල් සෞඛ්‍ය සේවිකාවෝ දළදා මාළිගාවේ සත්‍යග්‍රහයක

සිරිල් විමලසුරේන්ද්‍ර

රෝහල් හෙදියන්ට වින්නඹු පුහුණුව ලබාදීමට ගත් තීරණයෙන් සෞඛ්‍ය බලධාරීන් වැළැක්‌වීමට දළදා වහන්සේගේ පිහිට පතා රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවෝ ශ්‍රී දළදා මාළිගාවේ ඊයේ (3 වැනිදා) සත්‍ය ක්‍රියාවක යෙදුණාහ.

දිවයිනේ නන් දෙසින් පැමිණි සෞඛ්‍ය සේවිකාවෝ පන්සියයකට අධික පිරිසක්‌ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ බුද්ධ ප්‍රතිමා මන්දිරය තුළ පැවැති සත්‍යක්‍රියාවට සහභාගි වූහ.

ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට මහමළුවේදී සත්‍යක්‍රියාව සිදුකිරීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසින් ගන්නා ලද උත්සාහය පොලිසිය සහ ශ්‍රී දළදා මාළිගාවේ නිලධාරීන් විසින් වළක්‌වන ලදී.

මහමළුවේදී සත්‍ය ක්‍රියාවක්‌ පැවැත්වීමට නම් මල්වතු අස්‌ගිරි මහා නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගෙන් සහ දියවඩන නිළමේවරයාගෙන් කල් තබා අවසරයක්‌ ලබාගත යුතු බව පොලිසිය විසින් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දන්වා සිටින ලදී.

ඉන්පසුව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්‌තු මහත්මිය ඇතුළු පිරිස ශ්‍රී දළදා මාළිගාවේ බුද්ධ ප්‍රතිමා මන්දිරයට රැස්‌වී සත්‍යක්‍රියාවේ යෙදුණාහ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ රජයේ පවුල් සෙඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය සූතිකාගාර සේවය හෙදියන්ට පැවරීම අදූරදර්ශී ක්‍රියාමාර්ගයක්‌ බව පැවැසුවාය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.