හෙදියන්ට වින්නඹු සේවය දිය හැකි නීතියක්‌ රටේ නෑ
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ඒමන්ති මාරඹේ

ඉන්දියාවෙන් වෛද්‍යවරුන් ගෙන්වා පුහුණු කළ ද රටේ නීතියට අනුව හෙදියනට වින්නඹු සේවාව සැලසිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

හෙදියනට සූතිකාගාර පුහුණුව ලබාදීම ජාත්‍යන්තර ප්‍රමිතියට හා ස්‌ථාවරව පැවති ලංකාවේ මාතෘ හා ළදරු සේවාවට විරුද්ධ බවත් ඒ හරහා වින්නඹු සේවාවේ පුහුණු වියදම තුන් ගුණයකින් ඉහළ යනු ඇති බවත් එම සංගමය කියයි.

රජයට ජිනීවා චෝදනා එල්ල වී ඇති මෙම අවස්‌ථාවෙහි ස්‌ථාවරව පවතින මාතෘ හා ළදරු සේවාවන් අස්‌ථාවර කිරීමට විවිධ සංවිධාන උත්සාහ දරන බවත් මෙරට හෙද සංගම් ද එවැනි රාජ්‍ය විරෝධී කටයුතුවලට සම්බන්ධ බව තහවුරු කර ඇති බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටී.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.