ජිනීවාහිදී රටට එරෙහි වූ සතුරෝ

* බෝල්කන් රටක ශ්‍රී ලංකා තානාපති නිලධාරියෙක්‌ ජිනීවා ශ්‍රී ලංකා උද්ඝෝෂණයට යැමෙන් වලකින්නැයි ශ්‍රී ලාංකිකයන්ට කියා සිටී.

* ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ අවන්හලේදී එමානුවෙල් පියනම සමඟ රහස්‌ සාකච්ඡා පැවැත්වූ "ආනන්ද"

* රජයේ දූත කණ්‌ඩායමේ සාකච්ඡාවලට සවන්දීමට යෙදවූ ඩේවිඩ් වේහෙලි.

* බ්‍රිතාන්‍යයේ මඩ වෙබ් අඩවියට සාවද්‍ය තොරතුරු සපයන්නේ හිටපු කැරලිකරුවකු යයි තහවුරු වේ.

* ජිනීවා ශ්‍රී ලංකා උද්ඝෝෂණය සාර්ථක වූයේ ඉතාලි හා ප්‍රංශ දේශප්‍රේමීන් නිසා.

* ශ්‍රී ලංකාවෙන් පැමිණෙන පිරිස්‌ ගැන ප්‍රංශ "කිරාබා" නිරීක්‍ෂණයේ යෙදෙයි.

ත්‍රස්‌තවාදී ආධාරකරුවෝ සහ රාජ්‍ය විරෝධීහු
අවස්‌ථාව පැමිණ විට එක්‌වෙති
- රුසියානු ජනාධිපති වැලඩමීර් පුටින්

පසුගිය මාර්තු 27 වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව පසුබිමේ සිදුවූ ක්‍රියාදාමයන් මෙරට ජනතාව නොදනී. එහෙත් ඒ දීන ක්‍රියාදාමයන් අපි සියෑසින් දුටුවෙමු. යුක්‌තිය හා අපක්‍ෂපාතීත්වය මත මානව හිමිකම් කවුන්සලය ක්‍රියාකළ යුතුව තිබුණත් මුළු මානව හිමිකම් සමුළුවම දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවලට යටවිය. එසේම ශ්‍රී ලංකාවට එරෙහිව සියලු රහස්‌ සාකච්ඡා කුමන්ත්‍රණ සිදුවූයේ මානව හිමිකම් සමුළුව පැවැති ශාලාවේ පහත මාලයේ පිහිටි අවන්හලේයි.

මේ අවන්හලට පිවිසෙන ස්‌ථානයේ රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයක්‌ද විය. ශ්‍රී ලංකාවෙන් පැමිණි ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරින්ද විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීහුද සමුළු ශාලාවේ හැසිරුණේ මුළු මානව හිමිකම් සමුළුවේ අයිතිකරුවන් මෙනි.

මේ අවන්හලට පැමිණෙන අවස්‌ථාවේ අතුරුදන්වූ බවට ප්‍රචාරය වූ එක්‌ තැනැත්තෙක්‌ හමුවිය. ඔහු ආනන්ද නමැත්තෙකි. "මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව නිසා මට ස්‌විට්‌සර්ලන්තයට එන්න සිදුවුණා යෑයි ඔහු කීවේය. ඔබට තර්ජනයක්‌ එල්ල වූයේ කුමක්‌ කළාටදැයි මා පෙරළා විමසූ විට ඔහු ඊට ප්‍රතිචාර දැක්‌වූයේ නැත. අනතුරුව මොහු ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානී එමානුවෙල් පියනම කැටුව ගොස්‌ අවන්හල සමීපයේ පිහිටි කුටියකදී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වන අයුරු දැකගත හැකිවිය. ඇමරිකානු යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර සුනන්ද දේශප්‍රිය හෙවත් රංජිත් නමැති 71 කැරලි කරුවාද ඉමාඩ් සංවිධානයේ නායිකා නිමල්කා ප්‍රනාන්දු, ද්‍රවිඩ සන්ධානයේ මාවයි සේනාධිරාජා, ශ්‍රීධරන්, සුමන්තිරන්ද, ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වරාජා කෙ-න්ද්‍රන්, කුමාර් ගුණපාරන්ද, සන්ධ්‍යා එක්‌නැලිගොඩද පැමිණ විවිධ මෙහෙයුම්වල නිරත විය. එහෙත් ත්‍රිකුණාමල කොටි හමුදා නායක ආනන්දි සසිතරන් තනිවම ශ්‍රී ලංකාවට එරෙහිව මෙහෙයුමක්‌ දියත් කළාය. එහෙත් ඔවුහු ශ්‍රී ලංකා රජය සහ හමුදාව යුධ අපරාධකරුවකු කිරීමේ ඉලක්‌කය මත ක්‍රියාකළහ.

ජර්මනියේ සිටින ෙ-. ඩී. එස්‌. සංවිධානය මෙහෙයවන රෝහිත භාෂණ අබේවර්ධන, චැනල් 4 අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේ සහ ජොනතන් මිලර්, ඇමරිකානු කොටි හිතවාදී නීතිඥ කැරන් පාකර් බැංගලෝරයේ කොටි ක්‍රියාකාරියකුවූ පෝල් නිව්මන් ඇමරිකාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිට එරෙහිව නඩුවක්‌ ගොනුකළ නීතිවේදී අල් බෙද්‍රයික්‌ ඊලාම් ආණ්‌ඩුව නැමැති සංවිධානයේ ඇමැතිවරයකු යෑයි හඳුන්වා ගන්නා මානික්‌කවාසකර්ද ශ්‍රී ලංකාවට එරෙහිවූ යුද අපරාධ මෙහෙයුමට පැමිණ සිටියහ. ඉන් රෝහිත භාෂණ කොටි දේදුන්න පුවත්පත මෙහෙයවූ තැනැත්තායි. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍ර්‍රS ශ්‍රීධරන් විසින් යාපනයට ගෙන්වූ තමිල් මානි ප්‍රභාකරන් නමැත්තාද ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණියේ "මේ ඉඩම් අයිති හමුදාවටයි යන වීඩියෝ පටය සමඟය. ඔහු එහිදී හමුවූයේ නිමල්කා ප්‍රනාන්දු නමැති රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියයි.

මේ සියලු සතුරන්ගේ කේන්ද්‍රස්‌ථානය වූයේ මානව හිමිකම් සමුළු ශාලාවේ අවන්හලයි. මෙම අවන්හලට ශ්‍රී ලංකා මාධ්‍ය පැමිණෙන්නේදැයි විමර්ශනය කිරීමට ප්‍රංශයේ සිට පැමිණෙන එස්‌. පී. කිරුබාහරන් හෙවත් ස්‌විස්‌ කොටි විරෝධින් විසින් හිඟන කිරුබා නමින් හඳුන්වන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියාද ඩේවිඩ් වේහෙලි නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයාද යොදවා තිබිණි. ඔහු ප්‍රංශයේ පදිංචිව සිටියි.

2002 වසරේ පැවැති රජයේ උපදේශකයකු ලෙස ක්‍රියාකළ මොහු ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායම සමීපයේ රඳවා තිබෙන අයුරු අපට දැකගත හැකිය. ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ පුමුඛ රජයේ දූත කණ්‌ඩායම සාකච්ඡා කරන කතාබහට සවන්දීම සඳහා වේහෙලිගේ කබායේ කුඩා සවන්දීමේ උපකරණයක්‌ද සවිකර ඇති අයුරු තහවුරු විණි.

ශ්‍රී ලංකාව යුධ අපරාධකරුවකු කිරීම සඳහා චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ මුලතිව් හිටපු වෛද්‍යවරයකුවූ වර්ධරාජාද මානව හිමිකම් සමුළුවට ගෙන ආවේය. සෑම දිනකම පෙරවරු 7.30 ට ට්‍රෑම් රථයෙන් හා බස්‌ රියෙන් මානව හිමිකම් සමුළු ශාලාවට පිවිස රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරින්ගේ ෙද්‍රdaහි ක්‍රියා මා නිරීක්‍ෂණය කරද්දී අපේ අය කිසිවෙකුත් එහි නොවීය. ජිනීවාහි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ එක්‌ නිලධාරියෙක්‌ මා සමඟ කතාබස්‌ කිරීමට පවා බියක්‌ දැක්‌වූයේ කොටි හිතවාදීහු දකිනු ඇතැයි සිතමිනි. එහෙත් ද්‍රවිඩ මන්ත්‍රීවරු සැමදෙනා කල්තියා පැමිණ සාකච්ඡා කළහ. මානව හිමිකම් සමුළුව සමීපයේ පිහිටි අවන්හල තුළ සිදුවන ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කිරීමට පවා අපේ කිසිවකු නොසිටියේය. කොටි හිතවාදීහු සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු මානව හිමිකම් සමුළුවට තුළ දැඩි ලෙස ක්‍රියාකළේ එම තත්ත්වය මතය.

අවන්හලේදී අපට හමුවූයේ සන්ධ්‍යා එක්‌නැලිගොඩයි. ශ්‍රී ලංකාවේ බරපතල මාධ්‍ය මර්දනයක්‌ ක්‍රියාත්මක වන බව ඇය චෝදනා කළාය. ජනාධිපති හමුවීමට මට අවස්‌ථාවක්‌ දුන්නේ නැතැයිද ඇය තවදුරටත් පැවසුවාය.

හමුදාව වන්නි මෙහෙයුමේදී රසායනික අවි භාවිත කළ බවට ඔබේ සැමියා කළ ප්‍රකාශය නිසා ඔහු අතුරුදන්වූ බව ඔබ පැවසුවා. හමුදාව රසායනික අවි භාවිත කළ බව ඔබේ සැමියා දන්නේ කෙසේද යෑයි මා ඇගෙන් ප්‍රශ්න කළෙමි.

මගේ සැමියා ජාත්‍යන්තර තොරතුරු මත ඒ බව පැවසුවා යයි සන්ධ්‍යා එක්‌නැලිගොඩ ඊට ප්‍රතිචාර දැක්‌වූවාය. ඔබ ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් පියනම සමඟ සාකච්ඡා කරන බව දුටුවා. ඔබ සාකච්ඡා කළේ කොටි ත්‍රස්‌තවාදීන්ට සහය දක්‌වන්නකු සමඟ නොවේ යෑයි මා නැවතත් විමසුවෙමි. zමා ඉන්නේ මානව හිමිකම් සමුළුවේදී මෙතනට පැමිණියම අපි ඔක්‌කොම එකයි යයි ඇය තවදුරටත් පළ කළාය.Z සිය සැමියාගේ ඡායාරූපය සහිත සුදු කබායක්‌ දමාගෙන මානව හිමිකම් සමුළුව තුළ සැරිසරමින් සිටි සන්ධ්‍යාගෙන් ආරක්‍ෂක නිලධාරීහු විවිධ ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහරිනු ලැබීය. මේ අතර මානව හිමිකම් සමුළුවට පැමිණෙන කොටි ක්‍රියාකාරීන් හා එන්. ජී. ඕ. කල්ලිය කවුදැයි මා හඳුනන නිසා කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ කිරුබාහරන් කලබලයට පත්විය. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යංශය අපි ගැන හොයන්න නිරීක්‍ෂකයකු එවලා යයි ඔහු දිවගොස්‌ සුනන්ද දේශප්‍රිය නමැත්තාට පවසා ඇත. කොටි හිතවාදී දේශප්‍රිය විගස බ්‍රිතාන්‍යයේ සිට ප්‍රකශයට පත් කෙරෙන බව වෙබ් අඩවියකට වාර්තාවක්‌ සැපයීය.

හිස බූ ගෑ රැවුල කැපූ මාධ්‍ය පාර්ශවයක්‌ මානව හිමිකම් සමුළුවට පැමිණි බවත් ඔහු වෙස්‌වාගෙන පැමිණි බවටත් ඔහු එකී වාර්තාවේ දක්‌වා තිබිණි.

එහෙත් අපි මානව හිමිකම් සමුළුව ආවරණය කිරීමට පැමිණියේ නියම ස්‌වරූපයෙනි. ප්‍රභාකරන් ජීවත්ව සිටියදී ඔහු විනාශ කළ යුතු යෑයි පැවසුවේද අපියි. මේ අතර ඇමරිකානු යෝජනාවට ඉන්දීය රජය ඡන්ද දීමෙන් වැලකී සිටින බව ප්‍රකාශ කිරීම නිසා සුනන්ද දේශප්‍රිය වඩාත්ම කම්පාවට පත්විය. ඔහු මා සමීපයේ අසුන්ගෙන සිටි නිමල්කා ප්‍රනාන්දු ළඟ දණින් වැටී වේගවත් වචන මාලාවක්‌ කියාගෙන ගියේය.

ඊට සමගාමී ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් නියෝජිත කණ්‌ඩායම අන්දමන්ද විය. ඉන්දියාවේ ක්‍රියාමාර්ගය ලැ-ජාසහගත යෑයි ඔව්හු කියා සිටියහ.

ඇමරිකානු යෝජනාවට රටවල් 12 ක්‌ ඡන්දය දීමෙන් වැලකී තිබීම නිසා මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේද නොසතුටට පත්විය. යූරෝ සහ ප්‍රෑන්ක්‌ විශාල මුදලක්‌ වැය කරමින් ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව රටවල් 30 ක්‌ 35 ක්‌ අතර සංඛ්‍යාවක්‌ ලවා සම්මත කරගැනීමට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු දැක්‌වූ උත්සාහය ඉන් අසාර්ථක විය. එකී යෝජනාව ගැන විනාඩි 2 බැගින් අදහස්‌ දැක්‌වීමට මානව හිමිකම් සමුළුවේ බලධාරීහු ඉඩදෙනු ලැබූ අවස්‌ථාව විවිධ රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් විදේශිකයන් ශ්‍රී ලංකාවට බැණ වදින්නට වූහ. එක්‌ මොරොක්‌කෝ ජාතිකයකුට බොදු බල සේනාව හා රාවණා බලකාය යයි උච්චාරණය කිරීමටද නොහැකි විය. ඔහු එම නිවේදනය ප්‍රකාශ කිරීම නිසා ප්‍රෑන්ක්‌ 100 ක්‌ හිමිවිය. මා අසුන්ගෙන සිටි ස්‌ථානය සමීපයේ ක්‍රියාත්මකවූ එන්.ජී.ඕ. ජාලයේ මේ ශ්‍රී ලංකා විරෝධි ක්‍රියාදාමයන් විමර්ශනය කරන විට ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් කොටි හිතවාදී නීතිඥ කැරන් පාකර් ඇතුළු සියල්ලන් එකට ක්‍රියාකරන අයුරු දැකගත හැකිවිය. අනතුරුව ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයකුද ශ්‍රී ලංකා විරෝධි ප්‍රකාශයක්‌ කිරීමට ඉදිරිපත් විය.

රාජ්‍ය නොවන සංවිධාන 24 ක්‌ ශ්‍රී ලංකාවට එරෙහි නිවේදන කියවීමේ යෙදී සිටි අතර ඔවුන් සියලු දෙනාම විදේශිකයන් විය. ඔවුහු එකිනෙකා පසුපස පෝලිම් ගැසී තම අවස්‌ථාව එනතුරු බලා සිටියේය.

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව සම්මත වීමට පැය 48 කට පෙර නවි පිල්ලේගේ මිතුරියක්‌වූ යස්‌මින් සුකා - ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල්, සුනන්ද දේශප්‍රිය, කැලම් මැක්‌රේ සහ මුලතිව්හි හිටපු වෛද්‍ය වර්ධරාජා එකතුවී හමුදාපති දයා රත්නායකගේ සිට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරිහු 17 ක්‌ යුධ අපරාධකරුවන් බවට පත්කිරීමට උත්සාහ කළාය.

යස්‌මින් සුකා පිටු 100 ක වාර්තාවක්‌ද ප්‍රකාශයට පත්කරමින් ශ්‍රී ලංකා හමුදාව එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා කටයුතු වලින් ඉවත්කළ යුතු බව කීවාය.

යස්‌මින් සුකාගේ ශ්‍රී ලංකා විරෝධී වාර්තාවට සහය වී ඇත්තේ ඇමරිකාවේ කොටි හිතවාදිනියක්‌වූ නිම්බි ගවරිනාදන් නැමැත්තියයි. එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් මණ්‌ඩලයේ යස්‌මින් සුනා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක්‌ තුල කැලම් මැක්‌රේගේ වීඩියෝ පටයක්‌ සමඟ සිය පිටු 106 ක වාර්තාව ගැන කරුණු දැක්‌වීමට පෙර සුනන්ද දේශප්‍රිය නමැති හිටපු කැරළිකරුවා සිය බෑගයෙන් ඉවතට ගත් ලියවිලි ශාලාවේ මේසය මත තැබීය. එම ලියවිලිවලින් එකක දැක්‌වූයේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ කුරිරු ක්‍රියාමාර්ග අටක්‌ ගවේෂණයකින් හෙළිවූ බවයි. එහෙත් ජිනීවාහි සිටින ශ්‍රී ලාංකිකයන් කිසිවෙක්‌ මේ ස්‌ථානයට පැමිණ සිටියේ නැත.

මෙවන් පසුබිමක්‌ මැද මාර්තු 24 වැනිදා ජීනිවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධතාවයක්‌ පැවැත්විණි. ඉතාලියේ සහ ප්‍රංශයේ සිට පැමිණි දේශප්‍රේමීහු විශාල සංඛ්‍යාවක්‌ නිසා උද්ඝෝෂණය සාර්ථකයි. එහෙත් ජිනීවාහි කීපදෙනකු ඊට ලකුණු දමා ගැනීමට දැරූ උත්සාහය යටපත් විය.

ඔවුන් අතර චැනල් 4 රූපවාහිනියට ස්‌ටර්ලින් පවුම් ටි්‍රලියනයක්‌ ඉල්ලා නඩු පවරන බවටත් ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියදී ඔහුගේ වම්පාදය කපාදැමූ බවටත් සාවද්‍ය ප්‍රචාරයත් දියත්කළ තැනැත්තාද මතුවිය.

මෙම උද්ඝෝෂණයට ප්‍රංශයේ සිට පැමිණ බස්‌ රියේ මඩ වෙබ් අඩවියකට තොරතුරු සපයන්නෙකුයි. මේ තත්ත්වය මැද ජිනීවාහි දෙදෙනකු නවිපිල්ලේ වෙත ආමන්ත්‍රණය කෙරෙන සංදේශයක්‌ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය වෙත භාරදී ඇත. නවි පිල්ලේ ශ්‍රී ලංකාව සම්බන්ධ ප්‍රකාශයට පත්කළ වාර්තාව ඒකපාක්‍ෂික බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ චෝදනා කරද්දී ජිනිවාහි දෙදෙනා තම සංදේශයෙන් එක්‌සත් ජාතීන්ගේ පද්ධතිය තුළ මානව හිමිකම් රැකීම සඳහා ගතවූ වර්ෂවල ගත් ක්‍රියාමාර්ග සහ රාජ්‍ය නොවන සංවිධාන සහභාගිත්වය දිරිගැන්වීම අගය කරන බවත් සඳහන් කර තිබිණි.

ඇමරිකානු ෙඩ්‍රාaන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 4000 ක්‌ මියගොස්‌ ඇති බවත් ඊශ්‍රායලය මානව හිමිකම් සමුළුවට දූත කණ්‌ඩායමක්‌ එවීමෙන් වැලකී සිටි බවට සමුළුව තුළදීම නවිපිල්ලේට චෝදනා නැගෙද්දී ඇය මානව හිමිකම් රැකීමට ක්‍රියාමාර්ග ගත් බව ප්‍රකාශ කිරීම විහිළුවක්‌ නොවේද? මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළු ශාලාවේ ඈත කොනක සිට කිරුබාහරන් නමැති කොටියා සමඟ දැඩි සාකච්ඡාවක යෙදෙනු "ආනන්ද" නමැත්තාගේ සියලු වගතුග මේවන විට හෙළිවී ඇත. මේ අතර පසුගිය බදාදා රජය හිටිහැටියේම කොටින්ට සම්බන්ධව ත්‍රස්‌ත සංවිධාන 16 ක්‌ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය. එකී සංවිධාන අතර එමානුවෙල් පියතුමාගේ ගෝලීය ද්‍රවිඩ සංසදය හා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයද වේ. මේ සංවිධාන සමඟ දැඩි සබඳකම් පැවැත්වූයේ ද්‍රවිඩ සන්ධානයයි. රජය එකී සංවිධාන තහනමට ලක්‌කරනු ඇතැයි කොටි ජාලය කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත. මේ අතර ජිනිවාහි ඇමරිකානු යෝජනාව පරාජය කිරීම සඳහා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ දැඩි උත්සාහයක්‌ ගනු ලැබුවත් තානාපති කාර්යාලය අනිකුත් පාර්ශවයන්ගේ ක්‍රියාදාමයන් ඉතාමත් කනගාටුදායකය.

මානව හිමිකම් සමුළුවට පැමිණ කොටි කව්දැයි විමර්ශණය කිරීමට පවා කිසිවකු නොවීය. ඉන්දීය තානාපතිවරයා එන්. ඩී. ටී. වී. රූපවාහිනි නියෝජිතවරිය සමඟ සාකච්ඡාවක නිරතවී ඇගේ අදහස්‌ විමසන අයුරු අපට දැකගත හැකිවිය. කොඩි ත්‍රස්‌තයන්ව හඳුනන්නේ නැති පිරිස්‌ තානාපති කාර්යමණ්‌ඩලයට යෑවීමේ විපාක ජිනිවාහිදී අපට සනාථ විය. එසේම බෝල්කන් රටක ශ්‍රී ලාංකික තානාපති නිලධාරියෙක්‌ ජිනීවා ශ්‍රී ලාංකික උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට දැඩි උත්සාහයක්‌ දැරීමේ සිද්ධියක්‌ අනාවරණය විය. විදේශ කටයුතු පිළිබඳ මෙලෝහසරක්‌ නොදන්නා මොහු එරට ශ්‍රී ලාංකිකයන් අමතා පවසා ඇත්තේ උද්ඝෝaෂණයට යැමෙන් පලක්‌ නැති බවයි.

කීර්ති වර්ණකුලසූරිය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.