ආඥදායක මුසෝලිනීගේ
බිරිඳ හා අනියම් බිරිඳ අතර ගැටුම්...

ලෝක ඉතිහාස වංශ කතාවේ මුල්ම පැසිස්‌ට්‌ ආඥදායකත්වයේ ප්‍රධානියකු ලෙස බෙනිටෝ මුසෝලිනී හැඳින්විය හැකිය. ජාත්‍යන්තර කටයුතුවලදී ඇඩොල්ෆ් හිට්‌ලර් තමන්ගේ සිතැඟියාවන් ඉටු කර ගැනීමට මුසෝලිනී ද සහභාගි කර ගෙන තම කාර්යයන් සාර්ථකත්වයට ගෙන ගියේය. හිට්‌ලර් සහ මුසෝලිනී 1939 මැයි 22 දා නාසි සංධානය පිහිටුවා ගෙන දෙවන මහා ලෝක යුද්ධ සංග්‍රාමයට සැරසුණාහ. යුද්ධයේ මුල් සිවු වසර තුළ හිට්‌ලර් සහ මුසෝලිනී පරාජය කිරීම සුළුපටු නොවීය. එහෙත් 1943 වනවිට තත්ත්වයේ වෙනසක්‌ පැවතිණි. 1942 නොවැම්බර් මාසයේදී ඉතාලි ගුවන් යානා දෙදාහක්‌ පමණ අහිමිවීමත්. සිසිලිය වෙරළට හදිසි ප්‍රහාරයක්‌ එල්ල වීමත් නිසා නාසි හමුදාවට 1943 මැයි 13 දා යටත්වීමට සිදු විය.

මේ අතර ඉතාලියේ අගමැති පදවිය දරමින් සිටි මුසෝලිනීට එරෙහිව, ඉතාලි රජයේ විධායකයේ 28 න් යුත් "ග්‍රෑන්ඩ් කවුන්සලය" මුසෝලිනීට එරෙහිව විශ්වාස භාංග යෝජනාවක්‌ ඉදිරිපත් කළේය. කවුන්සිලයේ නිගමනය වූයේ අගමැති තනතුරින් ඉවත් කිරීමය. මේ අනුව 1943 ජුලි 25 දා මුසෝලිනී අගමැති තනතුරින් ඉවත් කර රාජ්‍ය බලය හමුදාව යටතට ගැනිණි. මුසෝලිනීට හිට්‌ලර් සමග කටයුතු කිරීමට ඉඩ නොදී මිත්‍ර පාක්‍ෂිකයන්ට බාරදීමේ අදහසින් තැනින් තැන සඟවා තැබීය. කෙහොමින් කොහොම හරි හිට්‌ලර් මුසෝලිනීව සොයාගෙන උතුරු ඉතාලියේ ඇල්ජස්‌හි ගර්ඩාවිලට සමීප හමුදා කඳවුරක රැඳවීමට කටයුතු යෙදවූයේය. මිත්‍ර පාක්‍ෂිකයන්ට එරෙහිව සටන් කරන බවට ප්‍රකාශයක්‌ කරන ලෙසට ද බලපෑම් එල්ල විය.

මේ අතර මුසෝලිනීගේ කසාද බිරිඳ රේවල් ආර්යාවට තම සැමියා හා වාසයට ඉඩ ලබා දුන්නේය. මුසෝලිනීගේ අනියම් බිරිඳ වන ක්‌ලේරා පැටාසි ගර්ඩාවිල ආසන්නයේම පදිංචිව සිsටිය ද රේවල් ඒ වගක්‌ නොදැන සිටියාය. පැටැසි ගර්ඩාවිල අසලම සිටින බව ඇය දැන ගත්තේ වසරකට පසුවය. ක්‌ලේරා පැටාසි පදිංචිව සිටින මන්දිරයට රේවල් ආර්යාව යුද භටයන් 50 ක්‌ සමග ට්‍රක්‌ රථයකින් ගියාය. ඇය එහි ගමන් ගත්තේ හොඳ හිතකින් නම් නොවේ. කේන්තිය මුසු කරගෙන අරියාදුවකටයි. පැටාසි සිටි මන්දිරය අසල ගේට්‌ටුවේ ආරක්‍ෂක භටයා වූ ස්‌පෝග්ලර්ට ගේට්‌ටුව විවෘත කරන ලෙසට රේවල් අණ කළත්, ආරක්‍ෂක භටයා ඊට ඉඩ දුන්නේ නැත. මේ නිසා උරණ වූ රේවල් ඊට අවසර දුන්නේ නැති නිසා උස්‌ තාප්පයට නැඟීමට උත්සාහ කළාය. මෙම සිද්ධිය ස්‌පෝග්ලර් (ආරක්‍ෂක භටයා) දුරකථනයෙන් මුසෝලිනී අමතා රේවල් මැතිනිය පැටාසි මැතිනියගේ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුල් වීමට තැත් කරන බව දන්වා සිටියේය. මීට පිළිතුරු වශයෙන් මුසෝලිනී කියා සිටියේ "ඒ දෙන්නා හමුවෙනවාට මා විරුද්ධ වන්නේ නැහැ. වෙනදේ ගැන ඔබ බලාගන්න" යනුවෙනි.

ස්‌පොග්ලර් ආරක්‍ෂකයා රේවල්ට මන්දිරයට ඇතුළුවීමට ඉඩ සලසා දුන්නේය. ඒ අතර මුසෝලිනී ක්‌ලේරා පැටාසිට දුරකථනයෙන් අමතා රේවල්ට හමුවීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියේය. පැටාසි තම අනියම් සැමියාගේ ඉල්ලීමට එකඟ වූවාය.

ඇය ඉතා අලංකාර ඇඳුමකින්ද, ෙµdක්‌µස්‌ටෝල් රිදී අබරණින් ද සැරසී සිටි අයුරු දුටු රේවල් විශ්මයෙන් හා ඊර්ෂ්‍යාවෙන් තැවුණාය. නෙත් කඳුළින් පුරවාගත් ඇය ජාතියේ ප්‍රධානියා අඹුකමට තියාගෙන ඉන්න ගෑනි හැඩවෙලා ඉන්න හැටි.. දෙයියනේ මමයි ඔහුගේ කසාද ගෑනි... යනුවෙන් දුකින් පැවසුවාය. "අඹුකමට තබාගත් ගෑනී" යන ප්‍රකාශයට පැටාසිට ඉවසුම් නැත. "මේ භයානක පිස්‌සියක්‌. මැය මෙතැනින් ඉක්‌මනින් අරන් පලයල්ලා යෑයි පැටාසි සිහිසුන්ව ඇදවැටුණාය.

"මේ බොරුවට ක්‌ලාන්ත වෙන්න එපා. මං ඔය උප්පරවැට්‌ටි හොඳට දන්නවා යනුවෙන් රේවල් වූ සිද්ධියට කීවාය. ස්‌පෝග්ලර් පැටාසිගේ මුහුණට වතුර ස්‌වල්පයක්‌ ඉසීමෙන් පසු ඇය ප්‍රකෘති තත්ත්වයට පත් වූවාය. යළි රේවල් කථා කරමින්, "ඔබේ ශුභ සාධනයටත් ගෞරවනීය ආදිපාදවරයාගේ සහ ඉතාලියේ යහපතටත් අදම මෙතැන දීම මෙම සම්බන්ධය ඉවර කරන්න ඕනෑ. ඔය ලැඡ්ජා නැති මූණ හංගාගෙන අදම මේ නිවසින් පිට වෙන්න ඕනෑ." පැටාසි ද තම හඬ අවදි කරමින් "ආදිපාදතුමාට මාව නැතිවම බැරි තරම්.. මමයි එතුමාගේ අධ්‍යාත්මික ශක්‌තිය. එතුමාගේ දුකේදී පිහිටවෙන්නෙ මමයි.. ඒ බව ඔප්පු කරන්න ඔහු මට දුන් ලියුම් තියෙන වායයි" කීවාය.

"ඉතින් මට පෙන්නාපං ඒ ලියුම්... උඹේ තියෙන ස්‌නේහවන්තකමත් දැනගන්න මට...

පැටාසි දුරකථනයෙන් මුසෝලිනී අමතා තමා එව් ලියුම්වලින් කොටස්‌ කීපයක්‌ රේවල්ට ඇහෙන්න කියවන්න අවසර පැතුවාය. ඇය රිසීවරයේ රැඳවුම් මත තැබීය. ලියුම් මිටියක්‌ ගෙන ආ පැටාසි ඒවායේ ඇතැම් විශේෂ කොටස්‌ කියෑවූවාය. "ඔබේ වචනය මට අවශ්‍යයි. අදත් මට ඔබ මග හැරුණා. ඔබහැර මට ආධාර කිරීමට මෙළොව වෙනත් කිසිවකු නැහැ." යනුවෙන් වූ කොටස්‌ කියවනවිට ඒ අසා සිටි රේවල් ලියුම් රොත්ත උදුරා ගැනීමට පැන්නාය. රේවල්ගේ උත්සාහ දුටු ස්‌පෝග්ලර් එය වැළැක්‌වීමට ඉදිරිපත් වූයේය. රේවල් පොර බදිමින් ස්‌පෝග්ලර්ගේ වම් අත තම නියවලින් සූරා දැම්මාය. අතින් ලේ හැළිණ.

මෙම සිදුවීම පැටාසි, මුසෝලිනීට දුරකථනයෙන් දැන්වූයෙන් පසු මුසෝලිනී ආරක්‍ෂක භටයාට දුරකථනයෙන් කතා කර රේවල් එතැනින් ඉවත් කිරීමට කටයුතු සැලැස්‌වීය. පැටාසිගෙන් උදුරාගත් සමහරක්‌ ලියුම් රේවල් ආපසු බාර දුන්නේ නැත. මෙම සිදුවීමෙන් රේවල් නිකම්ම නිකං බිරිඳක්‌ වූ බවත්, මුසෝලිනී තමාගේ ප්‍රේමය ආදරය, නොවන බවත් පසක්‌ කළාය. රේවල් පැටාසිට හා මුසෝලිනීට සාප කරමින් "ඔබටත් ඔබේම ප්‍රේමවන්තයාටත් වෙඩි තබාවි" යනුවෙන් කියා හනික පිටමං වූවාය.

රේවල් යළිs ගර්ඩාවිල මන්දිරයට නොගොස්‌ රෝමයේ පිහිටි තමා සතු මන්දිරයේම පදිංචි වූවාය. මුසෝලිනීගේ අවසාන කාලයද ඒ අතර ළංවී තිබිණි. හිට්‌ලර්ගේ යුධ භටයන් ඔහු හැර දමා යැම නිසා සැඟවීමට සුදුසු තැනක්‌ නොවීය. ඔහු සඟවා තැබීමට සුසුදු තැනක්‌ ක්‌ලේරා පැටාසි (අනියම් බිරිඳ) සොයාගත් නමුත් මුසෝලිනී එහි යැමට කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. ඔහු කේවෝවිල වෙත පැටාසි සමඟ පැමිණියේය.

එහිදී ඔහු රේවල්ට ලිපියක්‌ ලීවේය. "මා ආදරණීය රේවල්. මේ ලිපිය ඔබට ලියන අවසාන ලිපිය වෙන්න පුළුවන්. මම නොදැනුවත්වම ඔබට කළ හානිය ගැන දණින් වැටී සමාව ඉල්ලමි. මෙයට බෙනිටෝ මුසෝලිනී" මුසලිනිගේ සැබෑ ප්‍රේමය රේවල් වූ නමුත් ඔහු ඇයට වඩා පැටාසිට ප්‍රේම කළේය.

ඉතාලි භටයන් සමග ජර්මන් වාහන මගින් කෝවෝ විලේ බටහිර ඉවුර දිගේ ඉදිරියට යද්දී මුසෝලිනී සතුරන් අතට පත් වූයේය. බෙල්ලනි නමැත්තා මුසෝලිනීව අත් අඩංගුවට ගෙන ඩොන්ගෝ නගර ශාලාව වෙත රැගෙන ගියේය. පැටාසි ද මේ වේලාවේ නගර ශාලාවේ සිටියාය. ඔබ ළඟ ආදිපාදතුමා කොපමණ කලක්‌ රඳවා තබා ගත්තේ දැයි බෙල්ලනිs පැටාසිගෙන් විමසා සිටියේය. වසර ගණනාවක්‌ම ආදිපාතුමා තමා ළඟ සිටි බව දණින් වැටී ඉකිබිඳමින් පැටාසි කීවාය. තමාට මුසෝලිනීs හමුවූ හැටි, ඔහු හා දිවි ගෙවූ අයුරු ඇය බෙල්ලනිට සෙමින් අපට එකට ඉන්න ඉඩ දෙන්නයෑයි ආයාචනා කළාය.

ආදිපාදතුමාට වෙඩි තියන්නේ නම් මටද ඔහු ළඟ සිට මැරෙන්න ඉඩ දෙන්න යෑයි කී විට බෙල්ලනි පුදුමයට පත්විය. "මේ තමයි ගැහැනියකගේ නියම ආදරය, මම හිතුවෙ පැටාසි කියන්නේ ආත්මාර්ථකාමී, තම පරමාර්ථ පමණක්‌ සපුරා ගන්නා, ඉතාලියේ ආඥදායකයා සමග සබඳකම් පවත්වා ගත් වෙසඟනක්‌ කියල. නැහැ ඇය වෛශ්‍යාවක්‌ නොවෙයි.... ඇත්තෙන්ම ඇය ශේ්‍රෂ්ඨ වංශවත් කාන්තාවක්‌.... යනුවෙන් බෙල්ලනි සිතීය.

මේ ශෝචනීය තත්වය මැද වෝල්ටර් ඩඩ්සියෝ "මුන් ඔක්‌කොටම වෙඩි තියන්නැයි අණ කළේය. ගැහැනියකටත් වෙඩි තියනවා දැයි බෙල්ලනි විමසීය. මුසෝලිනී සමග අවසන් රාත්‍රිය ගත කිරීමට පැටාසි කළ ඉල්ලීමට එකඟත්වය පමණක්‌ දැක්‌වූ ඩඩ්සියෝ පසුදා බෙලි මොන්ටේ මන්දිරය අසලට ගෙන ගොස්‌ මුසෝලිනිගේ මරණ වරෙන්තුව කියෑවූයේය. පැටාසි මුසෝලිනී වටකරගෙන මහා හඬින් කෑගැසුවාය.

ඔහුගෙන් ඈත්වෙයන්.. නැත්නම් ඔබටත් වෙඩිතියන්න වේවි. පැටාසි ඊට අවනත නොවූවාය. මුසෝලිනි කබාය ගලවා මගේ පවුවට වෙඩි තියන්න යෑයි කීය. ඩඩිසියෝගේ තුවක්‌කුව ක්‍රියාත්මක විය. බොල් හඬක්‌ නඟමින් පැටාසි බිම වැටුණාය. ඊළඟට මුසෝලිනී පැටාසිගේ අතමත පතිත විය. ඔහුගේ හිස තම ප්‍රේමවන්තියගේ හිස මත සැතපුණි.

මීරිගම - ආර්. ඇම්. ටී. බී. රත්නායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.