නවිපිල්ලේ වැඩ අරඹයි

කීර්ති වර්ණකුලසූරිය


ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධවලට වරදකරු කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේගේ යෝජිත විමර්ශන මණ්‌ඩලය ලබන සතියේ පත් කෙරෙන අතර එය ජිනීවා සිට ක්‍රියාත්මක වේ.

තිදෙනකුගෙන් සමන්විත මෙම විමර්ශන මණ්‌ඩලය ජාත්‍යන්තර දුරකථන ජාලය ඔස්‌සේ ශ්‍රී ලංකාවට සම්බන්ධ වෙමින් වීඩියෝ සාක්‍ෂි විමසීමේ ක්‍රමය මගින් උතුරේ කොටි හිතවාදීන්ගෙන් සාක්‍ෂි විමසීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව සාක්‍ෂි දීම සඳහා මන්නාරම් රදගුරු - උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු හා හිටපු කොටි හිතවාදීහු 60 ක්‌ ඉදිරිපත්වී ඇති බවට රජයට දැනටමත් තොරතුරු ලැබී තිබේ.

මේ නිසා මෙකී පාර්ශ්වයන්ගේ සාක්‍ෂිදීම රාජෙද්‍රdaහී ක්‍රියාවක්‌ ලෙස සලකා ඔවුන්ගේ ජාත්‍යන්තර දුරකථන හා වීඩියෝ පහසුකම් කපා හැරීමට හා රාජ්‍ය රහස්‌ පණත යටතේ නඩු පැවරීමටද රජය ක්‍රියාකරනු ඇත.

නවිපිල්ලේගේ මේ විමර්ශන මණ්‌ඩලය මගින් දේශපාලනඥයන්, හමුදා නිලධාරීන් හා සෙබළුන් රැසක්‌ යුද අපරාධවලට වරදකරුවන් කළහොත් ඔවුන්ට විදෙස්‌ රටවලට යැමට නොහැකි වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.