ද්‍රවිඩ සන්ධානයෙන් දකුණු අප්‍රිකාවට පැමිණිල්ලක්‌

"ගෝලීය ද්‍රවිඩ සංසදය තහනම් කිරීම ගැන දකුණු අප්‍රිකානු රජයට පැමිණිලි කරනවා"

- සුරේන් සුරේන්ද්‍රන්

කොටි ඩයස්‌පෝරා ලැයිස්‌තුවට ස්‌විස්‌ කොටි නායකයාද ඇතුළත් විය. මෙතෙක්‌ කල් ද්‍රවිඩ සංධානය රැඟුම් දැක්‌ වූයේ කොටි ඩයස්‌පෝරාව නිසාය. එහෙත් දැන් සිදු වී ඇත්තේ ද්‍රවිඩ සන්ධානයට බරපතළ පහරක්‌ වැදීමයි. කොටි ඩයස්‌පෝරාව තහනම් කිරීමත් සමග එහි ක්‍රියාකාරීහු 424 කට එල්ල වූ තහනමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රභාකරන්ගේ උපදේශක රුද්රකුමාරන් ප්‍රකාශ කර ඇත. එහෙත් කොටි ජාත්‍යන්තර අංශයේ නායක කස්‌ත්‍රොaගේ නිල ලියවිලි අතර ඩයස්‌පෝරා ලේඛනයද විය. එම පසුබිම මැද තවදුරටත් සාක්‍ෂි කුමකටද? 2009 සිට 2014 දක්‌වා කොටි ඩයස්‌පෝරාව ජාත්‍යන්තර කරළිය තුළ රැඟුම් දැක්‌ වූයේ ශ්‍රී ලංකා රජය එකී ක්‍රියාකාරීන් තහනම් නොකිරීම නිසාය. එහෙත් දැන් එම තත්ත්වය වෙනස්‌ වී ඇත. රජය එකී ක්‍රියාකාරීන් ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබේ.

ද්‍රවිඩ සන්ධානයේ කණ්‌ඩායමක්‌ දකුණු අප්‍රිකාවට යැමට නියමිතය. ඒ කොටි සංවිධාන 16 ක්‌ තහනම් කිරීම ගැන කරුණු දැක්‌වීමටය. සම්බන්ධන් ශ්‍රීදරන් ඇතුළු පිරිසක්‌ ඊට ඇතුළත් වේ. කොටි ඩයස්‌පෝරාවේ ලැයිස්‌තුව ආරක්‍ෂක හමුදාවට සොයා ගැනීමට හැකි වූයේ වෙල්ලිමුල්ලි වයික්‌කාල්හි කොටි ජාත්‍යන්තර අංශයේ නායක කස්‌ත්‍රොaගේ බංකරයේ තිබිය දීය.

කොටි ඩයස්‌පෝරාවට ක්‍රියාකාරීහු 424 ක්‌ ඇතුළත් වී තිබුණි. මේ ලැයිස්‌තුව ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවට හමුවනු ඇතැයි ඩයස්‌පෝරා ක්‍රියාකාරීහු කිසිදු ලෙසකින් විශ්වාස කළේ නැත. එහෙත් කොටි ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීහු කව්දැයි දැන් හෙළි වී ඇත.

කැනඩාව, බ්‍රිතාන්‍යය බෙල්ජියම නෝර්වේ ඇතුළු රටවල් රැසක ඩයස්‌පෝරා ප්‍රධානීහු ක්‍රියාත්මක විය. මොවුන් අවි ආයුධ සහ අරමුදල් සැපයීමටද ක්‍රියා කර ඇත.

ආරක්‍ෂක ලේකම්වරයා මේ ලැයිස්‌තුව ප්‍රකාශයට පත් කිරීමත් සමගම දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන හා ද්‍රවිඩ සන්ධානයද දැඩි ලෙස කලබලයට පත් වී තිබේ.

මෙම කොටි ඩයස්‌පෝරාව ඔවුන් විසින් හඳුන්වා ඇත්තේ ද්‍රවිඩ ක්‍රියාකාරීන් හා මානව හිමිකම් රැකවළුන් ලෙසිනි. කොටි ඩයස්‌පෝරා ලැයිස්‌තුව ප්‍රකාශයට පත්වීමත් සමගම වඩාත්ම කලබලයට පත් වී ඇත්තේ කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයයි. එහෙත් ප්‍රභාකරන්ගේ ජාත්‍යන්තර ජාලය යටතේ ක්‍රියාත්මක වූ කොටි ඩයස්‌පෝරා ලැයිස්‌තුව ද්‍රවිඩ ක්‍රියාකාරීන් ලෙස හැඳින්විය හැකිද?

මේ ලැයිස්‌තුව ප්‍රකාශවීමත් සමගම ශ්‍රී ලංකා රජය එකී ක්‍රියාකාරීන්ට පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට මානව හිමිකම් කොමසාරිස්‌ගේ සහය පතා ඇත. එහෙත් ඇයට එකී තහනම ඉවත් කිරීමේ හැකියාවක්‌ නැත. මෙතෙක්‌ මානව හිමිකම් සමුළුව තුළ මෙකී සංවිධාන ක්‍රියාත්මක වූයේ මානව හිමිකම් ආරක්‍ෂකයන් ලෙසයි. ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් පියනම හා සුරේන් සුරේන්ද්‍රන්ද ඒ අතර විය.

කොටි ඩයස්‌පෝරා ලැයිස්‌තුවට ස්‌විස්‌ කොටි නායකයාද ඇතුළත් විය. මෙතෙක්‌ කල් ද්‍රවිඩ සංධානය රැඟුම් දැක්‌ වූයේ කොටි ඩයස්‌පෝරාව නිසාය. එහෙත් දැන් සිදු වී ඇත්තේ ද්‍රවිඩ සන්ධානයට බරපතළ පහරක්‌ වැදීමයි.

කොටි ඩයස්‌පෝරාව තහනම් කිරීමත් සමග එහි ක්‍රියාකාරීහු 424 කට එල්ල වූ තහනමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රභාකරන්ගේ උපදේශක රුද්රකුමාරන් ප්‍රකාශ කර ඇත.

එහෙත් කොටි ජාත්‍යන්තර අංශයේ නායක කස්‌ත්‍රොaගේ නිල ලියවිලි අතර ඩයස්‌පෝරා ලේඛනයද විය. එම පසුබිම මැද තවදුරටත් සාක්‍ෂි කුමකටද?

2009 සිට 2014 දක්‌වා කොටි ඩයස්‌පෝරාව ජාත්‍යන්තර කරළිය තුළ රැඟුම් දැක්‌ වූයේ ශ්‍රී ලංකා රජය එකී ක්‍රියාකාරීන් තහනම් නොකිරීම නිසාය.

එහෙත් දැන් එම තත්ත්වය වෙනස්‌ වී ඇත. රජය එකී ක්‍රියාකාරීන් ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබේ.

ඒ අනුව 2015 මානව හිමිකම් සමුළුවට මෙම ක්‍රියාකාරීන්ට සහභාගී විය හැකිද යන ප්‍රශ්නය පැන නැඟê ඇත.

වන්නි මෙහෙයුමත් සමගම මෙකී කොටි ක්‍රියාකාරීහු රටවල් රැසකට පැන ගියහ.

ඔවුන් අතර මෙරට ව්‍යාපාරිකයන් සහ රාජ්‍ය නිලධාරීන් සමගමද සබඳකම් පැවැත්වූවන් වේ.

එහෙත් ව්‍යාපාරිකයන් හා රාජ්‍ය නිලධාරීහු "ටයිපටි" මාරුකර රජයට සම්බන්ධ වී ඇත.

මේ පසුබිම මැද විද්දේ හාවට වැදුනේ පඳුරට යන කියමන සනාථවෙයි.

ඊට මූලික හේතුව කොටි ඩයස්‌පෝරාව සමග සබඳකම් පැවැත් වූ රාජ්‍ය නොවන සංවිධාන නායකයන්ට බරපතළ ප්‍රශ්නයක්‌ උදාවීමයි.

මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු මුහුණ පා ඇති ප්‍රශ්නය නම් කොටි ඩයස්‌පෝරාව කොටි ලේබලයෙන් ගලවා ගැනීමයි.

ඒ සඳහා විදෙස්‌ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක්‌ අරඹා ඇත. මේ සඳහා දියත් කර ඇති ක්‍රමවේදය නම් ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන ද්‍රවිඩ කණ්‌ඩායම්වලට එරෙහිව රජය පියවර ගෙන ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාව වෙත ප්‍රචාරය කිරීමයි.

කොටි ඩයස්‌පෝරාවට පැන වූ තහනම නිසා ඔවුන්ට ශ්‍රී ලංකාව තුළින් තොරතුරු ලබා ගැනීමටද දුෂ්කර වන බව ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෘප් සංවිධානය කියා සිටියේය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා පැවසුවේ එකී තහනම තොරතුරු ගලාඒම වසන් කිරීමේ පියවරක්‌ බවයි.

එහෙත් කොටි ක්‍රියාකාරීහු 424 ක්‌ නමින්ද එළි දක්‌වා ඇත. මේ පිරිස මෙතෙක්‌ ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියාදාමයක්‌ මෙහෙය වූයේ රහසිගතවය. දැන් ඔවුන් කව්ද හා සිටින්නේ කොහේද යන්න හෙළි වී තිබේ.

මේ නිසා කොටි ඩයස්‌පෝරාවේ නාම ලේඛනය ප්‍රකාශයට පත්වීම මෙරට රාජ්‍ය නොවන සංවිධාන ජාලයට එල්ල වූ තදබල ප්‍රහාරයක්‌ සේ දැක්‌විය හැකිය.

ඉන් වඩාත්ම රිදුනේ ප්‍රභාකරන්ගේ ඥාතියකු වූ ද්‍රවිඩ සන්ධානයේ සිවාජිලිංගම්ට ය. "සහජීවනය" මුවාවෙන් මෙම කොටි ක්‍රියාකාරීන් 424 සමග රඟදැක්‌වූ රැඟුම්වලට දැන් තර්ජනයක්‌ එල්ල වී ඇත.

සමහරු සංචාරකයන් වේශයෙන් මෙරටට පැමිණි සහජීවනය කියමින් තොරතුරු රැස්‌ කරමින් බටහිර රටවලට ගියහ. එකී තොරතුරු මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් විය.

මේ නිසා කොටි ක්‍රියාකාරීහු 424 දෙනා කවුදැයි පසුව හෝ හෙළි වීම මෙරට රාජ්‍ය නොවන සංවිධාන ජාලය මුහුණ පෑ ඇබැද්දියකි.

2009 සිට 2014 දක්‌වා කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීහු සමග එක්‌ව ක්‍රියාකරමින් රාජ්‍ය නොවන සංවිධාන ජාලය දියත් කළේ සහජීවන ක්‍රියාමාර්ගය නොව රටේ හමුදාව යුධ අපරාධකරුවන් බවට පත් කිරීමයි.

එකී රහසිගත ක්‍රියාදාමය 2014 වන විට උත්සන්න විය. ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව එහි ප්‍රතිඵලයයි.

මේ නිසා කොටි ඩයස්‌පෝරාව රජයේ තහනම හේතුවෙන් කොතරම් කලබලයට පත් වූවාද කීවොත් තම රටවලදී ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇත.

එහෙත් ශ්‍රී ලංකාවේ රජය ගත් තීරණයකට එරෙහිව නඩු පැවරිය හැකිද?

මෙතෙක්‌ කල් මෙකී කොටි ක්‍රියාකාරීහු අරමුදල් එකතු කරනු ලැබීය. එහෙත් ශ්‍රී ලංකා රජය එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට කොටි ක්‍රියාකාරීහු 424 දෙනා ගැන දැනුම්දීම නිසා ඔවුහු අන්දමන්ද වී ඇත.

එහිදී බරපතළ ප්‍රශ්නයට මුහුණපෑවේ ද්‍රවිඩ සන්ධානයයි.

* කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.