දොස්‌තර මහත්තයා මට පයින් ගැහුවා
- කයිකාවල පුංචි නාමල් කියයි

නෝමන් පලිහවඩන

දොස්‌තර මහත්මයා... මට පයින් ගැහුවා යෑයි මාතලේ කයිකාවල පදිංචි නාමල් තරංග රණතුංග දරුවා "දිවයින" නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ දුරකථනයෙන් කියා සිටියේය.

දොස්‌තර මහත්මයා ඔයාට පයින් ගැසුවේ ඇයිදැයි අප ඇසූ මොහොතේ ඉස්‌පිරිතාලේ බිත්තියකට හේත්තු වුණ නිසා එයා ගැහුවේ යෑයි ද ඔහු කීවේය.

ඔහුගේ මවගේ ජංගම දුරකථනය මාර්ගයෙන් දරුවා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට හැකිවිය. මෙම දරුවා බිත්තිය වශයෙන් සඳහන් කළේ රෝහල් කාමරයේ හාඩ්බෝඩ් ආවරණයටයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.