කොටි ඩයස්‌පෝරාවේ  424 ක්‌ බ්ලැක්‌ලිස්‌ට්‌

කීර්ති වර්ණකුලසූරිය

කොටි ඩයස්‌පෝරාවේ ප්‍රධානතම ක්‍රියාකාරීන් 424 ක්‌ තහනම් පුද්ගලයන් බවට රජය ප්‍රකාශයට පත්කර ඇත.

ඊට අදාළ තහනම් නියෝගය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් පියනම, සුරේෂ් පුරෙන්ද්‍රන්, අන්තර් වාර ඊළම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ නායක විශ්වනාදන් රුද්රකුමාරන්, ස්‌විස්‌ කොටි නායක අබ්දුල්ලා, කැනඩා ද්‍රවිඩ කොංග්‍රසයේ ප්‍රකාශක ඩේවිඩ් ප්‍රසාදපිල්ලේ, ටී. ආර්. ඕ. සංවිධානයේ නායක රෙජී ඇතුළු කොටි ක්‍රියාකාරීහු ඊට ඇතුළත් වෙති.

මේ හැර ගුණරත්න බන්දුල ගජවීර සහ ත්‍රිකුණාමලයේ පදිංචිකරුවකු වූ මහින්ද දර්ශන හෙවත් අයිස්‌ මංජු යන දෙදෙනා ද කොටි ඩයස්‌පෝරාවට ඇතුළත් වී තිබේ.

වෙල්ලමුල්ලි වයික්‌කාල්හි කොටි ජාත්‍යන්තර අංශයේ නායක කස්‌ත්‍රොaගේ බංකරයේ තිබී හමු වූ කොටි ඩයස්‌පෝරා ලැයිස්‌තුවේ මෙම පිරිසගේ නම් සඳහන් වී තිබිණි. මොවුන් කොටි සංවිධානයට අවි ආයුධ අරමුදල් සහ වෙනත් පහසුකම් සපයා ඇත.

මේ අතර කොටි ඩයස්‌පෝරා ලැයිස්‌තුව ප්‍රකාශයට පත් වීමත් සමග රටවල් කීපයක සිටින කොටි ක්‍රියාකාරීන් සැඟවී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.