ත්‍රි'මලේ පවුල් සෞඛ්‍ය සේවා
නිලධාරිනියෝ විරෝධතාවක


ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල එකොළහක්‌ ඇති අතර ඒ 11 ටම අයත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 200 කට ආසන්න ප්‍රමාණයක්‌ ඊයේ (09දා) කන්තලේ නගරයට එක්‌වී හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදීමට ගන්නා තීන්දුව වහා හකුලාගන්නා ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලයේ සිට නගරය හරහා දැවැන්ත විරෝධතාවක්‌ දක්‌වමින් උද්ඝෝෂණයේ යෙදෙමින් කන්තලේ බස්‌ නැවතුම්පොළ දක්‌වා ගමන්කොට යළි කාර්යාල භූමියට පැමිණ උද්ඝෝෂණය අවසන් කළහ.

මෙම උද්ඝෝෂණයට ත්‍රිකුණාමලය, කන්තලේ සේරුවිල, පදවිශ්‍රීපුර, ඊච්චලම්පත්තු, කින්නියාව, තඹලගමුව, මොරවැව, කුච්චවේලී යන ප්‍රදේශවල සිංහල, දෙමළ, මුස්‌ලිම් යන ජාතීන් තුනම නියෝජනය කරමින් පවුල් සෞඛ්‍ය සේවක නිලධාරිහු පැමිණ සිටියහ.

කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.