පෝලියෝ තුරන් කළ රටක්‌ ලෙස ශ්‍රී ලංකාවට සම්මාන



ශ්‍රී ලංකාව පෝලියෝ වෛරසය තුරන් කළ රටක්‌ වශයෙන් නම් කරමින් ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත වෛද්‍ය ෆිර්දෝසි රූස්‌ටම් මෙහෙතා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට පිරිනැමූ අවස්‌ථාව.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කරන ලද අධ්‍යයනයක්‌ අනුව අග්නිදිග ආසියානු කලාපයේ ශීS්‍ර ලංකාව ඇතුළු රාජ්‍යයන් 11 ක්‌ පෝලියෝ වෛරසය මුළුමණින්ම තුරන් කළ කලාපයක්‌ ලෙස පසුගිය මාර්තු 27 වන දින සිට ප්‍රකාශයට පත්කර තිබේ.

මේ පිළිබඳ සහතික පත්‍රය ඉකුත් 08 දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත වෛද්‍ය ෆිර්දෝසි රූස්‌ටම් මෙහෙතා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලැබීය.

1944 දී ලංකාවේ පළමු පෝලියෝ රෝගියා හඳුනා ගන්නා ලද අතර එම වසරේදී වාර්තා වූ රෝගීන් ගණන 4 කි. ඉන් පසු ක්‍රමක්‍රමයෙන් 1961 දී වැඩිම රෝගීන් ප්‍රමාණයක්‌ වාර්තා විය. 1988 වන විට පෝලියෝ රෝගීන් වාර්තා වීම මුළුමණින්ම පාලනය කිරීමට හැකි වූ අතර, 1990 සිට මේ දක්‌වා කිසිදු පෝලියෝ රෝගියකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැත. ශ්‍රී ලංකාව පෝලියෝ රෝගය තුරන් කර වසර 24 කට අධික කාලයක්‌ ගතවී ඇති අතර කලාපයේ සෙසු රටවල පෝලියෝ රෝගය තුරන් කිරීමට නොහැකිවීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව පෝලියෝ තුරන් කළ රටක්‌ ලෙස නම් කිරීම ප්‍රමාද කරනු ලැබීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.