ගිනිකෙළි දල්වන්නේ පරෙස්‌සමෙන්

- ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

අලුත් අවුරුදු සමයේ වඩා සැලකිලිමත්ව හා ආරක්‍ෂාකාරීව ගිනිකෙළි දල්වන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා 'දිවයින' ට පැවසීය. එසේ වුවහොත් හදිසි අනතුරු අඩු කරගත හැකි බවට ඒ මහතා කියයි.

හෙතෙම මෙසේද කීවේය.

කුඩා ළමුන්ට දල්වන්නට දෙන්න එපා. ඒ වගේම බීමත් අයත් මේවා දල්වන්නේ නැති තරමට හොඳයි. රතිඤ්Æ ගිනිකෙළි තමාගේ අතේ තියාගෙන දල්වන්න එපා.

ඒ වගේම අවුරුදු ක්‍රීඩා රට පුරාම මේ දවස්‌වල පැවැත්වෙනවා. එහිදී පාපැදි තරගවලට සහභාගි වන තරගකරුවන් ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් ඒ අය හෘදයාබාධ රෝගීන්, වයසින් වැඩි අය වෙන්න පුළුවන්. ඒ අය ශාරීරික යෝග්‍යතාව මැන බලා තරගවලට ඉදිරිපත් වෙනවා නම් හොඳයි.

අලුත් අවුරුදු සමයේ හදිසි අනතුරුවලට ලක්‌වී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රෝගීන් පැමිණියහොත් කඩිනම් ප්‍රතිකාර ලබාදීමට මේ වන විට රෝහල් කාර්ය මණ්‌ඩලය සූදානමින් සිටියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.