අවුරුද්දෙන් පසු වින්නඹු මාතාවෝ මාරාන්තික උපවාසයක

ඒමන්ති මාරඹේ

හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීමට ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (වින්නඹු) පිරිසක්‌ සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු එළඹෙන සතිය තුළ කොළඹදී මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කරන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය "දිවයින"ට පැවසුවාය.

මෙම මාරාන්තික උපවාසය සඳහා සහභාගි වීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 720 දෙනකු පමණ ඉදිරිපත්ව සිටින අතර එම පිරිසෙන් තෝරා ගනු ලබන කිහිපදෙනකු මාරාන්තික උපවාසයට සහභාගි වනු ඇතැයි ඇය කීවාය.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියෝ හෙද සූතිකා පුහුණුවට එරෙහිව මේ වන විට දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.