"රෝහල් සායනවලදී දරුවන්ට එන්නත් දෙන්න"
වසංගත රෝග විද්‍යා අංශ ඉල්ලීමට තාම ප්‍රතිචාර නෑ


ඒමන්ති මාරඹේ

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ඇනහිට ඇති ජාතික ප්‍රතිශක්‌තිකරණ එන්නත් ලබාදීම වහාම සියලු රජයේ රෝහල්වල මාතෘ හා ළමා සායන හරහා සිදු කිරීමට කටයුතු කරන්නැයි වසංගත රෝග විද්‍යා අංශය විසින් පෙරේදා (10 දා) රාත්‍රියේ සියලු රෝහල්වලට දැනුම් දී තිබේ.

තම දරුවන්ට අවශ්‍ය එන්නත් මාත්‍රාවන් රජයේ රෝහල්වල මාතෘ හා ළමා සායනවලින් ලබා ගැනීමට පියවර ගන්නැයි වසංගත රෝග අංශය මවුපියන්ගෙන් ඉල්ලීම් කර සිටී.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශය විසින් රජයේ රෝහල්, මාතෘ හා ළමා සායන හරහා ජාතික ප්‍රතිශක්‌තිකරණ එන්නත් ලබා දීමට පියවර ගන්නා ලෙස ඉල්ලීම් කළ ද ඊයේ (11 දා) දිනය වන විටද එම එන්නත් අදාළ සායනවලට ලැබී නොතිබූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.