මාතෘ හා ළමා සායනවල එන්නත් ජාවාරමක්‌

ඒමන්ති මාරඹේ

රජයේ රෝහල් මගින් මාතෘ හා ළමා සායනවලදී නොමිලේ ලබාදෙන ප්‍රතිශක්‌තිකරණ එන්නත් ඇතුළු සියලු එන්නත් සඳහා එක එන්නතකට රු. 3500-6000 ත් අතර මුදලක්‌ ගෙවීමට සිදුව ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (වින්නඹු) ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් එම එන්නත් ලබාදීම නතර වී ඇති අතර මව්වරුන් හා ළදරුවන්ට දෙන සියලු එන්නත් රජයේ වෛද්‍යවරුන් පුද්ගලික වෛද්‍ය සේවය හරහා එක්‌ එන්නතකට රුපියල් 3500 ත් 6000 ත් අතර මුදලක්‌ අය කරන බව සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසීය.

මේ වන විට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ වර්ජනය නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල පැවැත්වෙන මාතෘ හා ළමා සායනවල එන්නත් ලබාදීම සිදු නොවන අතර මව්වරුන්ට හා ළදරුවන්ට මේ සා විශාල මුදලක්‌ අය කරමින් පුද්ගලික වෛද්‍ය සේවය හරහා එන්නත් ලබාදීම දැරිය නොහැකි තත්ත්වයක්‌ බව එම ආරංචි මාර්ග කීවේය.

රජයේ රෝහල් මගින් නොමිලේ ලබාදිය යුතු මෙම එන්නත් හා ඖෂධ අධික මිල ගණන් යටතේ පුද්ගලික වෛද්‍ය අංශවලින් ලබා ගැනීමට සිදුවීම නිසා සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතා රැසකට මුහණ පා සිටී.

මව්වරුන්ට හා ළදරුවන්ට ලබාදෙන එන්නත් ප්‍රමාද නොකර නිසි කලට ලබාගත යුතු අතර එවැනි වාතාවරණයක්‌ තුළ ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන පවුල්වල මව්වරුන්ට හා ළදරුවන්ට පුද්ගලික අංශයෙන් හෝ එම එන්නත් ලබා ගැනීම මෙම තත්ත්වය මත අසීරු වී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.