ලබන 22 දා වෛද්‍ය වර්ජනයක්‌

ඒමන්ති මාරඹේ

රාජ්‍ය සේවා කොමිසම් සභාව වෙත යවා ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සේවා ව්‍යවස්‌ථාව සඳහා මෙම 21 වැනිදා වන විට එම කොමිසම් සභාවේ අනුමැතිය හිමි නොවුවහොත් 22 වැනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කැබිනට්‌ මණ්‌ඩලයේ ද අනුමැතිය ලැබී ඇති වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්‌ථාව මේ වන විට රාජ්‍ය සේවා කොමිසම් සභාවේ අනුමැතිය සඳහා යවා ඇතැයි සංගමය කියයි. එම ව්‍යවස්‌ථාව සඳහා මෙම 21 වැනිදා වන විට අනුමැතිය නොලදහොත් 22 වැනිදා වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට ඉකුත් 06 වැනිදා රැස්‌වූ සිය මධ්‍යම කාරක සභාව තීරණය කළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.