දඹුල්ල රෝහල් ශල්‍යාගාර
ඔක්‌සිජන් පද්ධතිය ගිනි ගනී

සීගිරිය - සරත් එරමිනිගම්මන

දඹුල්ල මූලික රෝහලේ ශල්‍යාගාර සංකීර්ණයට අඛණ්‌ඩ ඔක්‌සිජන් වායුව ලබා දෙන ස්‌වයංක්‍රීය ඔක්‌සිජන් සැපයුම් පද්ධතියේ පසුගිය 12 වැනිදා පස්‌වරුවේ ඇති වූ ගින්නනක්‌ නිසා ඔක්‌සිජන් සැපයුම සම්පූර්ණයෙන් අඩාල වී රෝහල් සේවා කටයුතුවලට බාධා සිදුව තිබේ. ගින්න ඇතිවීමත් සමඟ රෝහල් කාර්ය මණ්‌ඩලය මැදිහත් වී ඔක්‌ස්‌ජන් සිලින්ඩර පුපුරා යැම වළක්‌වා ගැනීම නිසා මහත් විනාශයක්‌ වළකා ගත හැකි වී තිබේ. දඹුල්ල නගර සභා ගිනි නිවන ඒකකය පැමිණ සෙසු අංශවලට ගින්න පැතිරීම මැඬ පවත්වා ඇත.

මෙම ගිනි ගැනීම නිසා රෝහල් ශල්‍යාගාර තුනකට හා දඩි සත්කාර ඒකකයේ කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ රෝගීන් ත්‍රිකුණාමලය හා මහියංගනය රෝහල්වල දැඩි සත්කාර එක්‌කවලට මාරු කර හැරීමට රෝහල් පරිපාලනය පියවර ගෙන ඇත.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.