විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට
මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌


සිරිමන්ත රත්නසේකර

විල්පත්තු උතුරු අභය භූමියේ අනවසරයෙන් පදිංචි වී සිටින පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටු ප්‍රදේශයෙන් අක්‌කර පනහක භූමි ප්‍රදේශයක්‌ ඊයේ (23 වැනිදා) වෙන් කළ බව මන්නාරම දිසාපති එම්. වයි. එස්‌. දේශප්‍රිය මහතා ට සඳහන් කළේය. මුස්‌ලිම් පවුල් හැත්තෑතුනක්‌ සඳහා මෙසේ ඉඩම් වෙන් කළ බව ද හෙතෙම කියා සිටියේය.

මුසලි ප්‍රාදේශීය සභාව සතු විල්පත්තු උතුරු අභය භූමියට අයත් නොවන ප්‍රදේශයක මෙම ඉඩම් වෙන් කළ බව ද ඔහු පැවැසීය.

මෙසේ වෙන් කළ භූමි ප්‍රදේශයේ මිනුම් කටයුතු අද (24 වැනිදා) ආරම්භ කරන බව කී දේශප්‍රිය මහතා ඉදිරියේදී එම ජනතාව වෙත ඉඩම් බෙදා දෙන බවත් පැවැසීය.

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් හා රක්‍ෂිත වෙනුවෙන් වෙන් කර ඇති කිසිදු ඉඩමක්‌ මහජනතාවගේ පරිහරණය වෙනුවෙන් නිදහස්‌ නොකරන බවත්, ආරක්‍ෂක අංශ මහජනතාව සතු ඉඩමක්‌ කිසිදු ආකාරයෙන් පවරා ගෙන නොමැති බවත් මන්නාරම දිසාපති එම්. වයි. එස්‌. දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.