දැල්පන්දු කණ්‌ඩායම් 29 ක්‌ අද තරග බිමේ

ශ්‍රී ලංකාවේ සුපිරි සමාගම් රැසක්‌ තරගවදින ශ්‍රී ලංකා ස්‌පෝර්ට්‌ස්‌ ඩොට්‌ කොම් අන්තර් සමාගම් දැල්පන්දූ තරගාවලිය 2014 අද (26 දා) පෙ.ව. 8 සිට කොළඹ ශාන්ත ජෝශප් ගෘහස්‌ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා වෙබ් අඩවිය වන ශ්‍රී ලංකා ස්‌පෝර්ට්‌ස්‌ ඩොට්‌ කොම් ආරම්භ කළ ස්‌පෝර්ට්‌ස්‌ ලයින් මාකටින් පෞද්ගලික සමාගම විසින් වසර හතරක නිහැඩියාවකින් පසුව මෙය සංවිධානය කරනු ලබන්නේ පස්‌ වන වරටයි.

ශ්‍රී ලංකා දැල්පන්දූ සම්මේලනයේ සහ වෙළෙඳසේවා දැල්පන්දූ සංගමයේ අනුදැනුම පරිදි පැවැත්වෙන මෙම තරගාවලියේ තාක්‍ෂණික කටයුතු හා තරග මෙහෙයවීම කෝට්‌ටේ දැල්පන්දූ ඇකඩමිය මගින් සිදූකරනු ලබයි.

මෙවර කාන්තා තරගාවලිය පළමු හා දෙවන ලෙස කොටස්‌ දෙකකින් සමන්විත වන අතර මිශ්‍ර අංශයෙන් ද තරගාවලියක්‌ එක්‌කර ඇත. පළමු කොටසේ කණ්‌ඩායම් 10 හා දෙවන කොටසේ කණ්‌ඩායම් 11 බැගින් කණ්‌ඩායම් 21 ක්‌ ඒ බී සී හා ඩී ලෙස කාණ්‌ඩ හතරකින් තරගවදින අතර මිශ්‍ර අංශයෙන් එක්‌ව ඇති කණ්‌ඩායම් ගණන 8 කි. එම කණ්‌ඩායම් කාණ්‌ඩ 2 කින් තරග වදී.

මෙහිදී පළමු කොටස යටතේ, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, සෙලාන් බැංකුව, සිලෝන් බිස්‌කට්‌ස්‌, ඩේවිඩ් පීරිස්‌, නේෂන් ට්‍රස්‌ට්‌ බැංකුව, හොංකොං බැංකුව, ආසිරි රෝහල් සමූහය සහ මහජන බැංකුවද, එන්. ඩී. බී. බැංකුව, බ්‍රැන්ඩික්‌ස්‌, හේලීස්‌, එයිට්‌කන් ස්‌පෙන්ස්‌, එල්. බී. µsනෑන්ස්‌, එක්‌ස්‌පෝ හෝල්ඩිංග්ස්‌, ඩයලොග් ආසියාටා, මාස්‌ යුනිචෙලා, සිටිසන් ඩිවෙලොප්මන්ට්‌, අමායා ලේක්‌, සහ කොමර්ෂල් ක්‍රෙඩිට්‌ දෙවැනි කාණ්‌ඩය යටතේ තරග වදිනු ඇත.

මීට අමතරව ඩී. එµa. සී. සී. බැංකුව, ඩේවිඩ් පීරිස්‌ මෝටර් සමාගම, නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුව, සිටිසන් ඩිවෙලොප්මන්ට්‌, ඩයලොග් ආසියාටා, හේලීස්‌, එන්. ඩී. බී. බැංකුව, සහ එල්. බී. µsනෑන්ස්‌ ආයතනය මිශ්‍ර කණ්‌ඩායම් තරග ඉසව්ව යටතේ තරග වදිනු ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.