ලෝක ශූරතා මේස පන්දු තරගාවලිය සදහා අද ජපානයට



ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මේස පන්දු තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (26 දා) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යැමට නියමිතය.

මෙම මස 28 වැනිදා සිට මැයි මස 05 වැනිදා දක්‌වා පැවැත්වෙනු ලැබෙන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් දෙදෙනකු සහ ක්‍රීඩිකාවන් 4 ඇතුළත්ව සිටින අතර පුහුණුකරු ලෙස නාවික හමුදාවේ ඉන්දික ප්‍රසාද් මහතා සහභාගිවනු ඇත. සංචාරක කණ්‌ඩායමට ජාතික මේස පන්දු ශූර මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සහ ඔහුට පෙර ජාතික ශූරයාව සිටි රොහාන් සිරිසේන සහභාගි වෙති. බාලිකා අංශයෙන් ජාතික ශූරිය වන ඉෂාරා මධුරංගි(ගුවන් හමුදාව), එරන්දි වරුසවිතාන(ධර්මාශෝක අම්බලන්ගොඩ), හංසනී පියුමාලි(විශාකා විදුහල, කොළඹ), චමත්සරා ප්‍රනාන්දු(විශාකා විදුහල, කොළඹ) යන ක්‍රීඩිකාවන් අයත් වෙති.

මෙම තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්‌ඩායම ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් ආශ්ර්වාද ලබා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු දැක්‌වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.