තියුණු සටනකින් පසු කල්කටාවට ලකුණු 2 ක ජයක්‌

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ 11 වැනි තරගය ලෙසින් පැවැති කල්කටා නයිට්‌ රයිඩර්ස්‌ සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස්‌ අතර තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක්‌ අත්කර ගැනීමට කල්කටා නයිට්‌ රයිඩර්ස්‌ කණ්‌ඩායම සමත්විය.

සාජා ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගෞතම් ගාම්බීර්ගේ නායකත්වයෙන් යුතු කල්කටා පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 150 ක්‌ රැස්‌ කරන ලදුව ඊට පිළිතුරු ලෙස විරාට්‌ කෝලිගේ නායකත්වයෙන් යුතු බැංගලෝර් පිලට රැස්‌කරගත හැකිවූයේ පන්දුවාර 20 අවසනදී කඩුලු 5 ට ලකුණු 148 ක්‌ පමණි.

බැංගලෝර් ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 09 ක්‌ පමණක්‌ ලබාගත යුතු වුවත්, එම පන්දුවාරය යෑවූ විනේ කුමාර් ඩිවිලියර්ස්‌ගේ කඩුල්ල ද සමගින් තම පන්දුවාරය ලකුණු 6 කට සීමා කිරීමට සමත්වීම මත අදාළ තියුණු ජය කල්කටා පිලට හිමිවිය.

ලකුණු සාරාංශය - කල්කටා නයිට්‌ රයිඩර්ස්‌ පන්දුවාර 20 දී කඩුලු 7 ට ලකුණු 150 යි(ජැක්‌ කලිස්‌ 43, ක්‍රිස්‌ ලින් 45, රොබින් උත්තපා 22, උමේෂ් යාදව්(නොදැවී) 24, වරුන් ආරොන් 16-3, මිචෙල් ස්‌ටාර්ක්‌ 33-2)

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස්‌ පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 148 යි(පාර්තිව් පටෙල් 21, යෝගේස්‌ ටකවාලේ 40, විරාට්‌ කෝලි 31, යුවරාඡ් සිං 31, ඒ. බී. ඩිවිලියර්ස්‌ 11, නිකේ සාර් 26-2)

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.