සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලියන 100ක ටෙන්ඩර් වංචාවක්‌

ඒමන්ති මාරඹේ

රජයේ රෝහල්වලට එක්‌ස්‌ කිරණ උපකරණ මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී ඒ සඳහා ඉල්ලුම් නොකළ දූෂිත සමාගමකට අයථා අන්දමින් ටෙන්ඩරය ලබාදී රුපියල් මිලියන 100 ක පමණ වංචාවක්‌ සිදුකළ බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ඊට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව රජය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් දැනටමත් මුදල් හා ක්‍රමසම්පාදන ඇමැති, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිර්දේශය මත සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ එම ටෙන්ඩරයට අදාළව පත්කරනු ලැබූ තාක්‍ෂණ ඇගයීම් කමිටුවේ සාමාජිකයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්‍ෂණික ඇගයීම් කමිටු සම්බන්ධීකරණ ඒකකයේ ප්‍රධානියාට, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ඖෂධ ප්‍රසම්පාදනය වෙනුවෙන් අමාත්‍ය මණ්‌ඩලය විසින් පත්කළ ස්‌ථාවර ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්ට අවවාදාත්මක ලිපි යවා ඇති අතර ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසීමටද තීරණය කර තිබේ.

ස්‌වයක්‍රීය සැකසුම සඳහා වන එක්‌ස්‌ කිරණ ඩිවලපර්, ස්‌වයංක්‍රීය සැකසුම සඳහා වන එක්‌ස්‌ කිරණ µsක්‌සර්, දත්ත එක්‌ස්‌ කිරණ ඡායාරූප සම්මත ප්‍රමාණ 3 Ü 4 සෙන්ටිමීටර්, එක්‌ස්‌රේ µsල්ම්, බ්ලු බේස්‌ ස්‌වයංක්‍රීය සැකසුම සඳහා වන එක්‌ස්‌ කිරණ ඇතුළු එක්‌ස්‌ කිරණ උපකරණ මිලදී ගැනීම සඳහා වන මෙම ටෙන්ඩරය 2014.02.07 වැනිදා අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබිණි.

මෙම ටෙන්ඩරය පිරිනැමීමට තෝරාගෙන තිබූ සිංගප්පූරුවේ සමාගම මෙයට පෙරද තත්ත්ව ගැටලු සහිත උපකරණ සැපයීම සම්බන්ධයෙන් කිහිප වතාවක්‌ම අසාදු ලේඛනයට (බ්ලැක්‌ ලිස්‌ට්‌) ඇතුළත් කර තිබූ සමාගමක්‌ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම සමාගමට උපකරණ සැපයීම සඳහා ටෙන්ඩර් පිරිනැමීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකුට අදාළ සමාගම විසින් රුපියල් මිලියන 16 කට අධික කොමිස්‌ මුදල් පසුගිය කාලය තුළදී ලබාදී ඇති බවද එම ආරංචි මාර්ග කීවේය.

දුර්වල තත්ත්වයෙන් යුත් උපකරණ සැපයුවද අදාළ සමාගමෙන් පසුගිය වසර 2 ක කාලය තුළදී රුපියල් මිලියන 600 ක්‌ පමණ වටිනා උපරකණ මිලදී ගැනීමට ඉහත කී අමාත්‍යාංශ නිලධාරිවරයා කටයුතු කර ඇති බවද අනාවරණය වී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.