2014 අප්‍රේල් 29 අගහරුවාදා

 

 

    
    
    Divaina Editor
    contact webmaster

 


කෝටි 27 ක මැණික්‌ කොල්ලයක්‌
එක්‌ අයෙක්‌ අසුවේ

මහනුවර ප්‍රදේශයේ ප්‍රකට මැණික්‌ ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් විසිහය කෝටි පනස්‌ ලක්‍ෂ හතළිස්‌ තුන්දහස්‌ හත්සිය පනහක්‌ වටිනා මැණික්‌ ගල් තොගයක්‌ ඊයේ (28 වැනිදා) පෙරවරුවේ කොල්ලකරුවන් තිදෙනකු විසින් කොල්ලකා සුපිරි මෝටර් රථයකින් පලාගොස්‌ ඇත.

පසුගිය බැංකු
කොල්ලකෑම් 4 ක
ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට

ෆුල් ෆේස්‌ හෙල්මට්‌ (සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන) යොදාගෙන යතුරුපැදිවලින් ගොස්‌ දිවයිනේ විවිධ ප්‍රදේශවල බැංකු සහ රන් භාණ්‌ඩ අලෙවිසල් කොල්ලකන කල්ලියක ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු සහ ඔවුන්ට රැකවරණය ලබාදුන් සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළෙක්‌ ඊයේ (28 වැනිදා) කොහුවල පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.


තංගල්ලේදී බ්‍රිතාන්‍ය
ජාතිකයකු ඝාතනය කර
ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක්‌කිරීමේ නඩුව

ගමේ අයත් කීවා
සාක්‍ෂි ලබාදෙන විට
ජීවිතය ගැනත්
සිතන්න කියා
හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවේදී හා
මරණ පරීක්‍ෂණයේදී දුන් සාක්‌කි වැරදියි

සිව්වැනි සාක්‍ෂිකරු
අධිකරණයේදී කියයි

තංගල්ල 'ද නේචර්' හෝටලයේ නවාතැන් ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ ඝාතනය කිරීම හා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය රංචු ගැසී දූෂණය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවේදී හා මරණ පරීක්‍ෂණයේදී ලබාදුන් සාක්‌කි තමන්ට වැරදීමකින් ලබාදුන් ඒවා බවට නඩුවේ සිව්වැනි සාක්‌කිකරු ඊයේ (28 දා) කොළඹ මහාධිකරණය හමුවේ කියා සිsටියේය.


වලපනේ ඝාතනයේ
9 දෙනෙක්‌ ගස්‌
දෙදෙනෙක්‌
දැනටමත් මියගිහින්

1994 දී වලපනේ නිල්දණ්‌ඩාහින්න ප්‍රදේශයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක්‌ සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන් 9 දෙනකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා ඊයේ (28 වැනිදා) මරණීය දණ්‌ඩනය නියම කළේය.


වැල්ලව කොන්ත්‍රාත් ඝාතනයට සම්බන්ධ
සෙබළුන්ගේ වැඩ තහනම්
වැල්ලව ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කිරීමට ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්‍ෂ 20 ක කොන්ත්‍රාත්තුවක්‌ ගත් බවට චෝදනා ලැබ රක්‌ෂිත බන්ධනාගාරගතව සිටින යුද හමුදා සෙබළුන් තිදෙනාගේ සේවය අත්හිටුවීමටත් චෝදනාවට වරදකරුවන් වුවහොත් ඔවුන් යුද්ධාධිකරණය වෙත පැමිණවීමටත් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් දයා රත්නායක මහතා විසින් උපදෙස්‌ දී ඇත.

තංගල්ල නඩුවේ බොරු සාක්‌කි දුන් පැමිණිල්ලේ
සාක්‌කිකරුට නීති පියවර

තංගල්ල සංචාරක නිකේතනයකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගයේ පැමිණිල්ලේ සිව් වැනි සාක්‌කිකරු අධිකරණයට බොරු සාක්‌කි දීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගන්නා බවට රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා ඊයේ (28දා) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.


'අහිමි ලිපි'
ගිලින බහිරවයෝ

මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය තුළ පිහිටි "අහිමි ලිපි කාර්යාලය" වෙත (R. I. O.) දිනපතා ලැබෙන වටිනා භාණ්‌ඩ සහ මුදල් විශාල වශයෙන් අතුරුදන් වීමට පටන්ගෙන ඇතැයි තැපැල් වෘත්තීය සමිති නායකයෝ රැසක්‌ම "දිවයින" ට පැවසූහ.

සිසුවියගේ බෙල්ලේ සෙරෙප්පු එල්ලූ
ගුරුවරියට මාරුවක්‌
සපත්තු දෙකක්‌ මිලදී ගැනීමට මුදල් නැති නිසා සෙරෙප්පු දෙකක්‌ පැළඳ පාසල් ගිය සිසුවියගේ බෙල්ලේ සෙරෙප්පු දෙක එල්ලා අමානුෂික දඬුවමක්‌ ලබාදුන් ගුරුවරිය ගැන වහාම පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත නියෝග කර තිබේ.

නව පොලිසිය
විවෘත වෙයි
ආගමික ක්‍රියාකාරකම්වලට අදාළ පැමිණිලි කඩිනමින් විභාග කර ඊට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නව පොලිස්‌ ඒකකය කටයුතු කරන බව පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී ඊයේ (28 වැනිදා) කියා සිටියේය.

දිවයින  සැනෙකින් පුවත්

ජනාධිපති මහින්දට බහරේන් දේශයේ ඉහළම සම්මානය

දෙදින නිල සංචාරයක්‌ සඳහා බහරේන් රාජධානිය බලා ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බහරේන් දේශයේ ඉහළම ගෞරව සම්මානය වන ඛලීෆා අභිධානය ඊයේ (28 වැනිදා) පිරිනැමිණි. බහරේන්හි හමාද් බින් ඉසා අල් ඛලීෆා රජතුමා ජනාධිපතිවරයාට එම සම්මානය පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.


හිටපු හමුදා
සැරයන්ගේ ආයුධ ගබඩාව වටලයි


තිහගොඩ මද්දුමගෙවත්ත ප්‍රදේශයේ ආයුධ ගබඩාවක්‌ පවත්වාගෙන ගිය යුද හමුදාවේ හිටපු මාණ්‌ඩලික සැරයන්වරයකු අත්අඩංගුවට ගත් තිහගොඩ පොලිසිය ඔහු සතුව තිබී පතරොම් තුවක්‌කු, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තවත් අවි ආයුධ රැසක්‌ සොයාගෙන ඇත.


අක්‍ෂි කාචයෙන් කොමිස්‌ ගැහිල්ලක්‌
රජයෙන් දෙන කාච දමන්න බැහැ කියා
දොස්‌තර කියන
තැනින් ගේන්න ඕනෑලු·

ඇසේ සුද ඉවත්කරන රෝගීන්ට රජය විසින් නොමිලේ ලබාදෙන අක්‍ෂි කාච බද්ධ කිරීම ප්‍රතික්‌ෂේප කරන රජයේ රෝහල්වල අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්‌ තමන්ට හිතවත් සමාගමක්‌ විසින් වැඩි මිලට අලෙවි කරන අක්‍ෂි කාච මිලට ගෙන එන ලෙස රෝගීන්ට බලපෑම් කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබේ.


කොටුව දුම්රියපළේ පොලිස්‌ ප්‍රහාරය
ගැන මානව
හිමිකම් කොමිසමට
පැමිණිලි

දුම්රිය විරෝධතාවක්‌ අතරතුරදී ඉකුත් 22 දා කොටුව දුම්රියපළේදී සිදු වූ පොලිස්‌ පහරදීම නිසා සිය මූලික අයිතිවාසිකම් කඩවූයේ යෑයි කියමින් එම ප්‍රහාරයට ලක්‌ වූ ගම්පහ, යාගොඩ දුමින්ද හපුආරච්චි මහතා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට තීරණය කර ඇත. එදින සවස නිවෙස බලා යැමට කොටුව දුම්රිය ස්‌ථානයට පැමිණි තමාට පොලිසියෙන් .....


2001 දී මමත් ඡන්දෙ දිනුවේ සෙල්ලම් පිස්‌තෝලයක්‌ .....


ඊජිප්තුවේ මුස්‌ලිම් ජාතික 683
දෙනකුට
මරණ දඬුවම

ඊජිප්තුවේ රාජ්‍ය විරෝධී ක්‍රියාවල නිරතවීම නිසා ඊජිප්තු මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ 683 දෙනකුට එරට අධිකරණය මගින් ඊයේ (28 දා) මරණ දණ්‌ඩනය නියම කර තිබේ.


පුත්තලම ජන
විකෘතිය යථා තත්ත්වයට පත්කිරීමට
පුත්තලමට පැමිණි අනාථ මුස්‌ලිම් ජනතාව
වහාම ඔවුන්ගේ මුල්ගම්බිම්වල
පදිංචි කළ යුතුයි

ඇමැති පාඨලී චම්පික රණවක

අනාථ වූ මුස්‌ලිම් ජනතාව පුත්තලමට පැමිණීම නිසා එම දිස්‌ත්‍රික්‌කයේ සිදුවූ ජන විකෘතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා එම ජනතාව වහා මුල් ගම්බිම්වල පදිංචි කළ යුතු යෑයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.


සිවුරට සේම ලෝගුවටත් නීතිය සමාන විය යුතුයි


  
 
 

 


 
  • මැයි දිනයේදී රට දෙකඩ කරන
    වඩුක්‌කොඩෙයි ප්‍රඥප්තිය යළි
    එළිදැක්‌වීමේ උත්සාහය


    ඓතිහාසික දිනය ද්‍රවිඩ සන්ධානයේ විසින් යොදාගෙන ඇත්තේ මෙරට දෙකඩ කිරීමටය. මෙවර මැයි දිනයේ තේමාව ස්‌වයංපාලනය යෑයි ද්‍රවිඩ සන්ධානයේ මාවයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.
     
  • ළමා අයිතීන් පිස්‌සුව ජාත්‍යන්තරයෙන්
    ලංකාවට එන හැටි!


    අද ලංකාවේ පාසල් පද්ධතියට වින කරන මේ ළමා අයිතීන් වලිප්පුව ලංකාවට ආ ක්‍රම දෙකක්‌ ඇත. ඉන් පළමුවැන්න කෙළින්ම විවිධ බටහිර රටවල් විසින් ලංකාවේ පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන හරහාය. දෙවන ක්‍රමය බටහිර රටවල් විසින්ම සම්පූර්ණයෙන්ම පාහේ නඩත්තු කර නියාමනය කරගෙන යන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හරහාය.
     
  • රෝස තිරිවානා නිධිය ජාතියට සම්පතකි

    රෝස තිරිවානා නිධිය සහ එහි ගුණාත්මක පැති ගණනින් 7 ක්‌ වූ රෝස තිරුවානා කඳු පේළිය මුහුදු මට්‌ටමේ සිට මීටර් 180 ක්‌ හා 300 ත් අතර උසකින් පිහිටා ඇත. භූ විද්‍යා පර්යේෂණයන්ට අනුව මෙම රෝස තිරුවානා කන්දට වසර මිලියන දසලක්‌ෂ 550 කට වඩා වැඩි ප්‍රාග් ඓතිහාසික යුගයට නෑකම් කියන ඉතිහාසයක්‌ ඇත. ඉන්දියාවේ රජකම් කළ ෂාජහාන් රජු ඔහුගේ ශේ්‍රෂ්ඨ නිර්මාණයක්‌ වන ඉන්දියාවේ ටාඡ් මහල් ප්‍රාසාදය සඳහා මෙම කන්දෙන් රෝස තිරුවානා ලබාගෙන ඇති බවට මතයක්‌ ඇත. මෙම අක්‌කර 600 පුරාවට විහිදුන සද්දන්ත නිධියේ ඇති රෝස තිරුවානා තත්ත්වය ගැන කිසිම සැකයක්‌ නැත. මෙය මිල කළ නොහැකි අපේ රටේ ආරක්‌ෂා කළ යුතු ජාතික වස්‌තුවකි.

  

  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස්‌ වාර්ෂික
    සම්මේලනය උත්කර්ෂවත් අන්දමින් පවත්වයි


    සෙලින්කෝ ඉන්ෂුවරන්ස්‌ සමාගමේ සාමාන්‍ය අංශය 2013 වසරේ වාර්ෂික සම්මේලනය හා සම්මාන පිරිනැමීමේ උළෙල නොබෝදා අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. වෙළෙඳපොළ අභියෝග ජයගෙන දැඩි කැපවීමෙන් හා කාර්යක්‌ෂම ලෙස කටයුතු කරමින් ආයතනයේ සාර්ථකත්වය උදෙසා මහත් කැපවීමෙන් කටයුතු කළ සේවක මහත්ම මහත්මීන් සඳහා මෙහිදී වටිනා ත්‍යාග හා සම්මාන පිරිනමන ලදී.

  


 

  

Kapruka Shopping |  News




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.