සූතිකා පුහුණුවට හෙදියන් ආවායි
කළුතර රෝහලේ දොස්‌තරලා වැඩවරති


විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

කළුතර නාගොඩ මහ රෝහලේ සූතිකාගාර පුහුණුව සඳහා සිසු හෙද හෙදියන් යෙදවීමට විරෝධය පළ කරමින් කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරු ඊයේ 29 උදැසන සිට වැඩ වර්ජනයක නියෑළී සිටියහ.

සිසු හෙද හෙදියන් අක්‍රමවත් ලෙස සූතිකා පුහුණුවට යෙදෙවීම නිසා රෝහල් කටයුතු අඩාල වෙන බවද වෛද්‍යවරු දුෂ්කරතාවයන්ට පත්වන බව සඳහන් කරමින් වෛද්‍යවරු මෙසේ වැඩවර්ජනයේ නිරත විය.

වෛද්‍යවරු වැඩ වර්ජනයේ නියළීම නිසා බාහිර රෝගී අංශවල හා වෛද්‍ය සායනවලට පැමිණි රෝගීන් මහත් දුෂ්කරතාවලට මුහුණදුන් අයුරු දක්‌නට ලැබුණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.