හෙදියන්ගේ සූතිකා පුහුණුවට එරෙහිව
නාගොඩ දොස්‌තරලා ඊයේත් වර්ජන


විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

හෙද සිසුවියන්ට සූතිකාගාරවල පුහුණුව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරු ඊයේ (30 දා) දෙවැනි දිනටත් වැඩ වර්ජනයේ නිරත වූහ.

කළුතර දිස්‌ත්‍රික්‌කයේ දුෂ්කර ගම්මානවලින් වෛද්‍ය සායනවලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ද බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ද මේ නිසා වෛද්‍ය ප්‍රතිකාර නොලබා රෝහල් භූමියෙන් පිටවී යන අයුරු දක්‌නට ලැබිණි.

හදිසි ප්‍රතිකාර අංශයේ සේවයේ නිරත වෛද්‍යවරුන් පමණක්‌ සේවයට පැමිණ සිටි අතර වාට්‌ටු භාර වෛද්‍යවරු සේවයේ නිරතව සිටි බව රෝහල් පොලිසිය කියයි.

හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදීමට ගෙන ඇති තීරණය ඉවත් කරන තුරු මෙම වැඩ වර්ජනය පවත්වාගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය කවින්ද සොයිසා මහතා පෙරේදා (29 දා) වැනිදා පැවැසීය. කළුතර හෙද විදුහලේ සිසුවියන් පෙරේදා (29 දා) නාගොඩ රෝහලේ සූතිකාගාර පුහුණුවට පැමිණීම නිසා මෙම වැඩ වර්ජනය නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කරන ලදි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.